අභිෂේක්ගෙ චිත්‍රපටය සාර්ථක වෙන ලකුණු



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-18-ent-05

කාලයකට පසුව අභිෂේක් බච්චන් බොලිවුඩ් චිත්‍රපටයක මේ දිනවල දකින්නට ලැබේ. ඒ අනුරාග් කාශ්‍යප් ‘මන්මාර්සියාන්’ චිත්‍රපටයයි. සැප්තැම්බර් 15 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 3.5ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත. දින තුනක් වෙද්දි ඉන්දීය රුපියල් කෝටි 9කට ආසන්න මුදලක් මෙම චිත්‍රපටය උපයා ගැනීමට සමත්ව ඇත.

අභිෂේක් බච්චන්, ටප්සි පන්දු හා විකී කෞශාල් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන අතර, අභිෂේක් පන්ජාබ් තරුණයෙකු ලෙස මෙහි චරිත නිරූපණය කරනු ලබයි. සූන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වනු ඇතැයි විචාරකයන් මත පළ කර තිබේ.