ලුලියා වැන්තර් රංගනයට



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-18-ent-06

මේ වනවිට චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින රුමේනියානු ජාතික නිරූපණ ශිල්පිනි ලුලියා වැන්තර් මේ වනවිට සිනමා රංගනයටද එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ මේ දිනවල රූපගත කෙරෙන ‘රාධා තු ක්‍යු ගෝරි මේන් ක්‍යූ කාලා’ චිත්‍රපටයේය. මෙය ලූලියා රංගනයෙන් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.

ඇය මෑත කාලයේ ලොවපුරා වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ පෙම්වතිය ලෙසය. එහෙත්, සල්මාන් මේ බව ප්‍රසිද්ධියේ නොපෙන්වන අතර, ඔහු සිය පැරණි පෙම්වතිය වූ කත්‍රිනා කයිෆ් සමගින් සමිප ඇසුරක් පවත්වන බවට තොරතුරු ලැබේ. කෙසේ වෙතත්, සල්මාන්ගේ අති විශාල මුම්බායිහි නිවසේ ලුලියා පදිංචිවද සිටින අතර, බොහෝ දෙනෙකු පවසන්නේ සල්මාන් හා ලුලියා දැනටමත් විවාහ ගිවිස ගෙන ඇති බවය.

 

2018-09-18-ent-07