සනී ලියෝන්ගේ ඉටි රුවක් හදයි



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-20-ent-31

අසැබි චිත්‍රපට රංගන ශිල්පිනියක් ලෙස ලොවක් දැන හැඳිනගත් සනී ලියෝන්ගේ බොලිවුඩ් සිනමා ආගමනය පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ සෘණාත්මක අදහසකි. ඇයගේ අසැබි චිත්‍රපට නිසාවෙන් බොලිවුඩ් සිනමාවට යම් කැලලක් ඇති වූ බවත් ඇතැමුන් පවසයි. කෙසේ වුවත් මේ වන විට සනී ලියෝන් පිළිබඳව නවතම පුවතක් ඉන්දියානු පුවත් වාර්තා කරයි.

ඒ ඇයගේ ඉටි රුවක් නව දිල්ලියේ ඉටි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බවයි. බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයන් වන අමිතාබ් භච්චන්, ශාරුක් ඛාන්, අනිල් කපූර් වැනි රංගන ශිල්පීන්ගේ ඉටි රූප මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. එවැනි කලාකරුවන් අතරේ තමන්ගේ ඉටි රුවක් තැබීම පිළිබඳව බොහෝ සෙයින් පුදුමයට පත්වන බව සනී ලියෝන් පවසා ඇත.

 

2018-09-20-ent-32