සල්මාන්, කත්‍රිනා සමග විවාහ වෙයි?



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-20-ent-40

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ කත්‍රිනා කායි‍ෆ් ගිවිසගත් පුවතක් පිළිබඳව ඉන්දියානු පුවත් වාර්තා කරයි. මෙවැනි පුවතක් ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කිරීමට හේතුව වී ඇත්තේ, කත්‍රිනා, සල්මාන්ගේ මවත් සමග එකට සිටින ඡායාරූපයක් නිසාවෙනි. එහිදී කත්‍රිනා මංගල ඇඳුමකින් සැරසී සිටින අතර, එම ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ සල්මාන්ගේ නැගණිය වන අර්ෆිතා ඛාන් සුබ පතා තිබේ.

ඒ හේතුවෙන් බොහෝ දෙනා සැක පහළ කරන්නේ මොවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවටයි. කෙසේ වුවත් අර්ෆිතා විසින් සුබපැතුම පසුව ඉවත් කරගෙන ඇති බවටද සඳහන් වේ. ඇතැමුන් පවසන්නේ මෙය සල්මාන්ගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ලබාගත් ඡායාරූපයක් බවයි. කෙසේ වුවත් මෙම සිදුවීම සත්‍ය හෝ අසත්‍ය වුවත් මේ වන විට ඔවුන් දෙදෙනාට රසිකයන්ගේ උණුසුම් සුබ පැතුම් බොහෝ ප්‍රමාණයක් ලැබී ඇති බවට වාර්තා වේ.