ෂාරුක්ගේ බිරිඳ උපන්දිනය සමරන්න ලන්ඩන් ගිහින්



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-09-ent-04

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරී ඛාන්ගේ 48 වැනි උපන්දිනය පසුගියදාට යෙදී තිබුණි. මේ වනවිට චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන ගෞරි සිය 48 වැනි උපන්දිනය සැමරීම සඳහා වැඩිමහල් පුත් ආර්යයන් අධ්‍යාපනය ලබන ලන්ඩන් නගරයට ගොස් ඇතැයි වාර්තා වේ.

ගෞරි සමගින් ෂාරුක් හා ඔහුගේ බාළ පුත් අභිරාම්ද මෙම ලන්ඩන් ගමනට සහභාගි වි ඇති අතර, දියණිය සුහානා මෙම ගමනට එක්ව නොසිටන බවට තොරතුරු වාර්තා වේ. එයට හොඳම සාක්ෂිය වී ඇත්තේ ෂාරුක් සිය ‘ටිවිටර්’ ගිණුමට ගෞරිට සුබ පතා ඡායාරූපයක් පළ කර තිබෙන අතර, එහි ෂාරුක්, ගෞරි හා අභිරාම් පමණක් සිටීමය.