ආලියා, අමීර් එකක් චිත්‍රපටයක



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-09-ent-17

චිත්‍රපට කිහිපයක් නිසාවෙන් මේ වනවිට කාර්යබහුලව සිටින ආලියා භාට් තවත් දින කිහිපයකින් සුපිරි චිත්‍රපටයකට එක්වීමට සුදානමින් සිටියි. ඒ අයන් මුඛර්ජි විසින් අධ්‍යක්ෂනය කරන චිත්‍රපටයක් සඳහාය. ඇය එහි අමීර් ඛාන් සමගින් රංගනයෙන් එක්වීම විශේෂත්වයකි.

මීට පෙර සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ රඟපෑ ආලියා සුපිරි ඛාන් නළුවෙකු සමග චිත්‍රපටයක එක්වන දෙවැනි වතාව මෙය වීම විශේෂත්වයකි. පසුගියදා අමීර් ඛාන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයක් සඳහා අයන් මුඛර්ජි හා ආලියාද පැමිණ සිටි අතර, එහිදි මොවුන් යොදාගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් කර තිබුණි. මෙම ප්‍රිය සම්භාෂන උත්සවය සඳහා ෂාරුක් ඛාන්, රන්බීර් කපූර්, රන්වීර් සිං, දිපීකා පදුකෝන් හා කරන් ජෝහර්ද එක්ව තිබුණ බව සඳහන් වේ.