අර්බාස් ලබන වසරේ විවාහ වෙනවා



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-09-ent-18

වසර විස්සක විවාහයකින් පසුව මලෙයිකා හා අර්බාස් ඛාන් දික්කසාද වීමත් සමග මේ වනවිට ආර්බාස් ඛාන් සිය වර්තමාන පෙම්වතිය වන රොමේනියානු ජාතික ජෝර්ජියා ඇන්ඩ්‍ර්නා ප්‍රසිද්ධියේ ගැවසෙමින් සිටින බවට බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 51 වැනි වියෙහි පසුවන ආර්බාස් සමගින් 22 වැනි වියෙහි පසුවන ජෝර්ජියා ලබන වසරේදී විවාහ වීමටද සූදානමින් සිටින බව ඛාන් පවුලෙන් වාර්තා වේ. පසුගියදා මුම්බායිහි පැවති ‘PHOENIX’ ෆෙස්ටිවල් විලාසිතා දැක්මටද එක්ව සිටියහ. එහි ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයටද නිකුත් කර තිබෙන අතර, බොහෝ දෙනා පවසන්නේ මොවුන් දෙදෙනාගේ විවාහය ලබන වසරේ සිදුවීමට හොඳම සාක්ෂිය මෙය බවය.