මනෝගෙ අසනීපය නිසා ‘වන ලැහැබ’ නැවතිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ නැතුවම බැරි චරිතයක් කිවහොත් අවිවාදයකින් තොරව එය පිළිගත යුතු කරුණක්. චරිතාංග නිළියක ලෙස වේදිකාව, පුංචි තිරය තුළ චරිතාංග රංග භූමිකාවක් පේ‍්‍රක්‍ෂකාගාරය ඉදිරියේ සටහන් තබන ඇය ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ කඩණම්  නාට්‍ය රැුසකටද සිය රංගන දායකත්වය ලබාදෙනවා.

ඒ වගේම‘‘ඉඩෝර වැස්ස’’ ටෙලි නිර්මාණයෙන් දිරිය ගැහැනියගේ භූමිකාවෙන් ද ඇය මේ දිනවල පුංචි තිරයෙන් පේ‍්‍රක්‍ෂක  ඔබට සමීප වෙනවා. ඒ නිසාම ඇයගේ රංගන කටයුතු වගේම පෞද්ගලික ජීවිතේ තොරතුරුත් සමඟින් අද කතා බහ තුළින් ඇයව මුණගැහෙන්න සිතුවා. ඇය මාදනී මල්වත්ත.

 

මේ දවස්වල කොහොමද කලා කටයුතු?

මේ දවස්වල වැඩි කාලයක් ගෙවෙන්නේ‘‘ඉඩෝර වැස්ස’’ ටෙලි නාට්‍ය එක්ක ඉරේෂ් ලොකු බණ්ඩාරගේ ලස්සන වෙනස්ම විදිහේ නිර්මාණයක් මේක. මේ දවස්වල නම් වැස්සෙන්  ටික ටික බාධාවක් ඇතිවුණ නිසා රූගත කිරීම්  තාවකාලිකව නතර කළා.

 

මොකක්ද ඒ වෙනස?

රූපවාහිනියේ මෑත කාලයේ අපි  දකින මෙගා ටෙලිනාට්‍ය  නිර්මාණ රැුල්ලෙන් මිදිලා නිවාඩු පාඩුවේ අර්ථාන්විතව කරන වැඩක් තමයි ඉඩෝර වැස්ස ටෙලිනාට්‍ය. කාලෙකට පස්සේ රහට දැනිච්ච වැඩක් කියලා කියන්න පුළුවන්.

 

20181230Madani-1මෙහි රූපගත කිරීම් සිදුවෙන්නේ කොළඹින් බොහෝ දුරබැහැර කොහොමද ඒ අද්දැකීම?

රූගත කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ ආණමඩුව ප‍්‍රදේශයේ බොහොම  දුෂ්කරතා මැද්දේ.

ආනමඩුව නගරයෙන් ඇතුළේ දුෂ්කර ගමක තමයි නාට්‍ය  නිර්මාණය වෙන්නේ. වන අලින්ගෙන් ඒ ගමේ ප‍්‍රදේශවාසීන් ගොඩක් දුක් විඳිනවා. ඒ මිනිසුන්ගේ ජීවිතත්  අතිශය දුෂ්කරයි. කොයි තරම් අඟහිගකම්, දුෂ්කරතා මැද්දෙ ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා දැක්කේ අපිත් ඒ ගමට ගියාට පස්සේ. මේ තරම් දුක් විඳින මිනිස්සු අපේ රටේ ඉන්නවද කියලත් මට පුදුම  හිතුනා.

 රූගත කිරීම් නම් හරිම සුන්දරයි. ඒ ගමේ අය ගොඩක් අපට උදව් කළා. ඒ ගමේ නිතර අලි ගැවසෙන නිසා කළුවර වැටෙන කොටම අපිත් රූගත කිරීම් නතර කරනවා. රූගත කිරීම් කරන වෙලාවට කොළ අත්තක් සෙලවුනත් අලියෙක් කියලා හිත ගැස්සෙන වේලාවන් අනන්ත තියෙනවා. කාලෙකට පස්සේ බොහොම සුන්දර තෘප්තිමත් වෙන්න පුළුවන් හොඳ නිර්මාණයක වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි.

 

කොහොම ලැබෙන්න පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර?

තවම ටෙලිනාට්‍ය විකාශය වෙලා මාසයක් පමණ වෙන්නේ. ලැබෙන ප‍්‍රතිචාර එක්ක පේ‍්‍රක්‍ෂකයෝ බොහෝ දෙනෙක් ‘‘ඉඩෝර වැස්ස’’ වැළඳගෙන තියෙනවා කියලා දැනෙනවා.  ඒකකාරි නාට්‍යයෙන් මිදිලා වෙනත් විදිහේ රහක් දැනිච්ච නිර්මාණයක් විදිහට ඉහළ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක් ලැබෙනවා.

 

පසුගිය කාලේ ඔබ වැඩිපුරම නිරූපණය කළේ මව්වරුන්ගේ චරිත. ඒ කරපු මව් චරිතවලට වඩා ඉඩෝර වැස්සේ මුණ ගැහෙන ඒ දිරිය ගැහැනිය ගැන කතා කළොත්?

ඇය ඇත්තටම දිරිය ගැහැනියක්. ස්වාමියත් නැතුව වටපිටාවේ පිරිමින්ගෙන් එන කරදර බාධක මැද්දේ දියණියවත් හදාගෙන නිරහංකාරව නිර්භයව  ජීවත් වෙන ගැහැනියක් ඇය. මේ තාක් මට මුණගැහුණු මව්වරුන්ගේ චරිත එක්ක ඉඩෝර වැස්සේ මුණ ගැහෙන අම්මාගේ චරිතය මගේ රංගන ජීවිතයට  විශේෂයක් ගෙන දුන්නා. කාලෙකට පස්සේ ලැබුණ හිතට දැනිච්ච චරිතයක් කිව්වොත් නිවැරදියි.

 

මාදනි කියන චරිතාංග නිළියට මේ විදිහට ගියොත් මව්වරුන්ගේ චරිතවලට කොටුවෙන්න වේවිද?

ඇත්තටම ගොඩක් පිටපත් රචකයන් කරන වරදක් තමයි අපි එක ටෙලිනාට්‍යයක එක චරිතයක් රඟපෑවොත් ඊළඟ ටෙලිනාට්‍යයෙත් ඒ වගේම චරිතයකට අපිව කොටු කරනවා. රංගන ශිල්පිනියක් කිව්වම චරිතවලට සීමා මායිම් නැහැ. ඔවුන්ට  ඕනම චරිතයක් කිීරීමේ හැකියාව තියෙන්න  ඕන. මම කොතනකවත් මාදනී වෙන්න කැමති නැහැ. මම කරන්නේ මාදනී නොවි කරන්න පුළුවන් චරිත විතරයි. එකම විදිහේ මව්වරුන්ගේ චරිතවලට මට ගොඩක් ආරාධනා ලැබුණා. මම ගොඩක් ඒවා ප‍්‍රතික්ෂේප කළා. මට එකම විදිහේ චරිතවලට කතා කරනවට මම කැමති නැහැ. අධ්‍යක්‍ෂවරු පිටපත්  රචකයෝ අපිට එකම චරිතයකට මේ විදිහට කොටු කරනකොට හරිම දුකක් ඇති  වෙනවා.

 

කොහොමද මේ දවස්වල වේදිකාවේ වැඩ කටයුතු?

ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘‘වන ලැහැබ’’ අලූත්ම වේදිකා නාට්‍යයේ තමයි පුහුණුවීම් කරගෙන ආවේ. ඒ අතරතුර එතුමා හදිසියේ අසනීප තත්ත්වයට පත්වුණා. මේ වෙනකොට  නම් ඔහු ඉතාමත් සුව තත්වයේ පසුවෙනවා කියලා දැනගන්නට ලැබුණා. එතුමාගේ සැත්කම ගොඩක් සාර්ථකව සිදුවුණා. ඉතින් අතරමඟ නතර වුණු ‘‘වන ලැහැබ’’ ආයෙම පණ ගන්වන්න එතුමන්ට ධෙර්යය, නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරනවා. ඊට අමතරව අලූත් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. ටෙලිනාට්‍යයන් කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා.

 

වසර ගණනාවක්ම වේදිකාවේ සිය අනන්‍යතාවයක් නිර්මාණය කරගත්ත නිළියක් විදිහට ඔබගේම කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා. ඒත් මම තවම ඒක ගැන හිතනවා. හොඳ පිටපතක් ලැබුණොත් වේදිකා නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කවදා කොයි කාලෙකදි ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න ලැබේවිද දන්නේ නැහැ. මාදනි කියන චරිතය බිහි කළේ වේදිකාව. ඒ නිසා වේදිකාවේ හොඳ නිර්මාණයක් බිහි කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

 

ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට වඩා වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයෙන් ඔබ සාර්ථකයි කියලා හිතනවද?           

වේදිකාවට ඇවිල්ලා  දැන් අවුරුදු දහ නවයක් මේ තාක් මම වේදිකාවේ රඟ දක්වපු හැම චරිතයක්ම ගොඩක් සාර්ථක වුණා. මම කිසිම වේලාවක මාධනී කියන  චරිතය වේදිකාවටත්, කැමරාව ඉදිරියටත් ගෙනිච්චෙ නැහැ. මගේ සාර්ථකත්වය තිබුණේ අන්න එතන. වේදිකාව පැත්තෙන් මම ගොඩක් තෘප්තිමත්. ඒ වගේම අති සාර්ථකයි. ටෙලිනාට්‍ය පැත්තෙනුත් අසාර්ථකයි කියන්න බැහැ.

 

 කොහොමද  පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතු?

මේ දිනවල නම් ගොඩක් කාර්යබහුලයි. ඒත් කොච්චර කාර්යබහුල වුණත් පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුවලට අංක එක දෙනවා. පුතා ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා ලබන වසරේ නම් ‘‘අම්මා වැඩ අඩුකරලා මාත් එක්ක ඉන්න කියලා’’ පුතා නිතරම කියනවා. ලබන වසරේ පුතා නිසා රංගන කටයුතුවලින් ටිකක් ඈත් වෙනවා.

 

පුතාත් ඉදිරියේදී රංගන වෘත්තියට ඒවිද?

දැනටමත් එයා ළමා රංගන ශිල්පියෙක්. පුතාත් කැමති මම වගේම වේදිකාවට. එයා ඉගෙන ගෙන කලාව පැත්තට එනවට මගේ අකමැත්තක් නැහැ.

 

නදීශා අතුකෝරළ / ඡායාරූපය- සජීව ලක්‍ෂාන්