ස්කාර්ලට් ගේ වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-629

හොලිවුඩ් සිනමාවේ වාර්තාගත චිත්‍රපටයක් වන ‘Avengers: Endgame’ මෙම වසරේදී තිරගත විය. හොලිවුඩ් සිනමා පෙරළියක් ඇති කරනු ලැබූ එම චිත්‍රපටය ලෝකයේම අවධානය දිනා ගත් චිත්‍රපටයක් බවද බොහෝ දෙනා දන්නා කරුණකි. මෙම චිත්‍රපට මාලාවේ ආරම්භයේ සිට මේ වනවිටත් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා දායක වී සිටින රංගන ශිල්පිනියක් ලෙස ස්කාලට් ජොන්සන් හැඳන්විය හැකිය. හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන ඇය, මෙම චිත්‍රපට මාලාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වීමද විශේෂ කරුණකි. අද වන විට ඇය හොලිවුඩ් සිනමා නිර්මාණ තුළ නිරන්තරයෙන් දකින්නට ලැබෙන රංගන ශිල්පිනියක්ද වී හමාරය. කෙසේ වෙතත් ගායිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක්ද වන ඇය නැවතත් ප්‍රේක්ෂක අවධානයට ලක්ව ඇත්තේ ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් එළිදැක්වීමට නියමිත හෙයිනි. එහෙයින් ස්කාලට්ගේ රංගන දිවිය පිළිබඳව මෙලෙස දිග හැරීමක් සිදු කිරීමට අප සූදානම්.2019-08-09-ent-630

1994 වසරේදී රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, එම වසරේදී රංගනයෙන් දායක වූයේ ‘North’ චිත්‍රපටය වෙනුවෙනි. 1996 වසරේදී රංගනයෙන් දායක වූ ‘Manny and Lo’ චිත්‍රපටයෙන් ඇය, ‘Independent Spirit Award’ සඳහා ‘Best Female Lead’ ලෙසද නම් විය. ඉන්පසු 1998දී රංගනයෙන් දායක වූ ‘The Horse Whisperer’ චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි අතර එම චිත්‍රපටය ඩොලර් මිලියන 186ක් මුදලක් ඉපැයීමට පවා සමත් විය. ඇගේ සිනමා දිවියද තවත් ශක්තිමත් කිරීමට එය හේතුවක් වූ බව සඳහන්ය.

2001 වසරේදීද ‘Ghost World’ චිත්‍රපටය හේතුවෙන් සම්මානයක් පිදුම් ලැබීමට ඇයට හැකියාව ලැබුණු අතර ඉන්පසු 2003 වසරේදී ‘Girl with a Pearl Earring’ නම් චිත්‍රපටයේ වැඩිහිටියන්ට සීමා වූ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය. එය ඇයට තරමක් අසීරු චිත්‍රපටයක් බවද සඳහන් වේ. 2003 වසරේදී එළිදැක්වූ ‘Lost in Translation’ චිත්‍රපටය සඳහා ‘BAFTA’ සම්මානයද, ‘Best Actress in a Leading Role’ සම්මානයද, ‘Golden Globe Award’ සම්මානයද හිමි විය.

තවද 2004 වසරේදී ‘A Love Song for Bobby Long’ චිත්‍රපටයද, 2005 වසරේදී ‘Woody Allen's’ චිත්‍රපටයද, 2006 වසරේදී ‘The Black Dahlia’ චිත්‍රපටයද, 2008 වසරේදී ‘The Other Boleyn Girl’ චිත්‍රපටයද, 2009 වසරේදී ‘He's Just Not That Into You’ චිත්‍රපටයද, 2010 වසරේදී ‘Iron Man - 2’ චිත්‍රපටය හරහාද ‘Golden Globe Award’ සම්මාන සඳහා ඇයව නම් විය.

එසේම 2015 වසරේදී ‘The Avengers’ චිත්‍රපටයද, 2014 වසරේදී ‘Captain America’ සහ ‘The Winter Soldier’ චිත්‍රපටයද, 2015 වසරේදී ‘Avengers: Age of Ultron’ චිත්‍රපටයටද ආදායම් අතින් ඉහළ ගිය අතර 2016 වසරේදී ඇය රංගනයෙන් දායක වූ ‘Captain America: Civil War’ චිත්‍රපටය, ‘Hail, Caesar!’ චිත්‍රපටය, ‘The Jungle Book’ චිත්‍රපටය, ‘Sing’ චිත්‍රපටය තිරගත විය. මේ අතරින් බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපට විය.

2017 වසරේදී ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් එළිදැක්විය. ඒ ‘Ghost in the Shell’ චිත්‍රපටය සහ ‘Rough Night’ නම් චිත්‍රපටයයි. 2018 වසරේදී තිරගත වූ ‘Avengers: Infinity War’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත් මෙම වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් තිරගත විය. ඒ ‘Captain Marvel’ චිත්‍රපටය සහ ‘Avengers: Endgame’ චිත්‍රපටයයි. ඊට අමතරව ඇය තවත් චිත්‍රපට දෙකක් වන ‘Jojo Rabbit’ චිත්‍රපටය සහ ‘Marriage Story’ චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව තිබේ.

වෘත්තීමය වශයෙන් හොලිවුඩ් නිළියක් වුවද ස්කාර්ලට් ගීත ගායනයට දස්කම් පාන අයෙකු බවද නොරහසකි. එමෙන්ම ඇගේ පළමු ගීත ඇල්බමය 2008 වර්ෂයේ මැයි මාසයේ එළිදැක්වීය. එය ‘Anywhere I Lay My Head’ නමින් නම් කෙරිණි. ඉන්පසු ඇගේ දෙවැනි ගීත ඇල්බය ලෙස ‘Live Session’ නමින් ගීත ඇල්බමයක් ‘iTunes’ වෙත ලබාදුන්නාය. ‘Break Up with Pete Yorn’ නමින් ඇගේ තෙවැනි ඇල්බමය 2009 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වූ බව සඳහන් වෙයි.

මේ ආකාරයෙන් මේ වන විට ගායන ක්ෂේත්‍රය තුළද මෙන්ම රංගන ක්ෂේත්‍රය තුළද රංගන දස්කම් පාමින් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව ඇය ඉතාමත් සතුටට පත්වන බවද ඇය සඳහන් කර තිබේ. සිනමා දිවිය ඇගේ සාර්ථක වූවත් ඇයගේ පෞද්ගලික ජීවිතය නම් අසාර්ථක බව ඇයම පිළිගන්නා කාරණාවකි. මේ වනවිට විවාහයන් දෙකකින් වෙන්වී සිටින ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන බොහෝ සේ කනස්සල්ලෙන් පසුවන බවද ඇය පවසන්නීය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත