ආක්ෂේගේ ‘අතිරංගි’ අගෝස්තු මාසයේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට රූපගත කිරිම් අවසන් කොට ඇති ආනන්ද එල් රායි අධ්‍යක්ෂණය කළ ‘අතිරංගි’ බොලිවුඩ් චිත්‍රපටය එළැඹෙන අගෝස්තු 06 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.  මෙහි ප්‍රධන චරිත තුනක් ඇති අතර, ඉන් එක් චරිතයක් සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් විසින් නිරූපණය කරනු  ලබයි.

ඉතිරි ප්‍රධාන චරිත දෙක සඳහා එක්ව ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු ධනුෂ් හා සායිෆ් අලි ඛාන්ගේ දියණිය වූ සාරා අලි ඛාන්ය. තුන්කොන් ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති ‘අතිරංගි’ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ දෙනෙකු මේ වනවිටත් මත පළකොට තිබේ.

20210225Akshey (2) 20210225Akshey (1)