Studio Success ආයතනය නව මුහුණුවරකින් විවෘත වෙයි



මාධ්‍ය ක්ෂේත්‍රයේ හා මංගල ඡායාරූපකරණයේ වසර ගණනක අත්දැකීම් ඇති ඡායාරූප ශිල්පී ශමීර රාජපක්ෂගේ Studio Success ආයතනය නව මුහුණුවරකින් 176/E, පන්නිපිටිය, තලවතුගොඩ ලිපිනයේදී පසුගිය (27දා) ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

මංගල ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු ඡායාරූප ශිල්පියෙකු වන ශමීර රාජපක්ෂගේ Studio Success ආයතනය මගින් මංගල දිනය වඩා සුන්දර ලෙස ඡායාරූප ගතකර ගැනීමට හා වීඩියෝගත කරගැනීමට අවස්ථාව හිමි වන අතර, ඊට අමතරව pre shoot, උත්සව අවස්ථා ආවරණය(event coverage), විලාසිතා ඡායාරූපකරණය(fashion photography), වාණිජ ඡායාරූපකරණය(commercial photography) ඇතුළු බොහෝ සේවාවන් සපයනු ලබයි.

මීට අමතරව තල් කොළ ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන විවිධ ආකෘතීන්හි කේක් ඇසුරුම් විශේෂ මිල ගණන් යටතේ මෙහිදී ලබාගැනීමේ හැකියාවද ඇත.

0712951412/0714221797 අංකයන්ගෙන් මෙන්ම face book හි studio success හා studiosuccess@gmail.com විද්‍යුත් ලිපිනය හරහාත් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි අතර, studio success කාර්යාලය සෑම දිනකම උදෑසන 9.00 සිට ප.ව. 7.00 දක්වා විවෘතව තිබේ.

 

2017-08-02-ent-15 2017-08-02-ent-16 2017-08-02-ent-17 2017-08-02-ent-18 2017-08-02-ent-19 2017-08-02-ent-20 2017-08-02-ent-21 2017-08-02-ent-22 2017-08-02-ent-23 2017-08-02-ent-24 2017-08-02-ent-25 2017-08-02-ent-26 2017-08-02-ent-27 2017-08-02-ent-29 2017-08-02-ent-30 2017-08-02-ent-31 2017-08-02-ent-32 2017-08-02-ent-33