5th Derana Sunsilk Film Awards



2017-10-09-ent-01

ටීවී දෙරණ නාළිකාවවිසින් පස්වැනි වරටත් සංවිධානය කරන ලද "දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උලෙළ" පසුගියදා (06දා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂරඟහලේදී පැවැත්විණි.

මෙම සම්මාන උලෙළේදී 2016 වර්ෂයේ මෙරට තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් සම්මාන පිරිනැමිණි. එහිදී ජූරියේ සම්මාන 23ක් සහ ජනප්‍රිය අංශයේ සම්මාන 04ක් ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ චිත්‍රපට විචාරක ඈෂ්ලි රත්න විභූෂණ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන යන පිරිස මෙහි ජූරි සභිකයන් ලෙස කටයුතු කළහ.

මෙහිදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙත හිමි විය.

සෙසු සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.

 

  • හොඳම නිළිය -

     

    • ස්වර්ණා මල්ලවආරච්චි (ඇගේ ඇස අග)
       
  • හොඳම නළුවා -

     

    • දසුන්පතිරණ (ෆ්‍රැන්ජිපානි)
       
  • හොඳම නිළිය (ජූරියේ විශේෂ සම්මානය) -

     

    • සමනලී ෆොන්සේකා ( මෝටර්බයිසිකල්)
       
  • හොඳම චිත්‍රපටය -

     

    • ඇගේඇසඅග
       
  • හොඳම තිරරචනය -

     

    • අශෝක හඳගම (ඇගේ ඇස අග)
       
  • හොඳම අධ්‍යක්ෂණය -

     

    • ශමීරරංගන නාඔටුන්න (මෝටර් බයිසිකල්)
       
  • හොඳම සහාය නිළිය -

     

    • අරුණි රාජපක්ෂ - පත්තිනි
       
  • හොඳම සහාය නළුවා -

     

    • ගයාන් වික්‍රමතිලක - සක්කාරං
       
  • නැඟීඑන නිළිය -

     

    • රිතිකා කොඩිතුවක්කු - ඇගේඇසඅග
       
  • හොඳම ප්‍රතිවීර චරිතය-

     

    • පුබුදු චතුරංග - සක්කාරං
       
  • හොඳම හාස්‍යෝත්පාදක චරිතය -

     

    • සරත් කොතලාවල - සක්කාරං
  • ජනප්‍රියම නළුවා -

     

    • රන්ජන් රාමනායක
       
  • ජනප්‍රියම නිළිය -

     

    • පූජා උමාශංකර්
       
  • ජනප්‍රියම සිනමා ගීතය -

     

    • උරේෂාරවිහාරි/ කසුන්කල්හාර - (අහසින්එහා) ආදරණීයකතාවක්
       
  • වැඩිම ආදයමක් ඉපයූ චිත්‍රපටය -

     

    • පත්තිනි
       
  • හොඳම ගීත රචනය -

     

    • අශෝක හඳගම (ඇහැරෙන්න) ඇගේඇසඅඟ
       
  • හොඳම ගායිකාව -

     

    • නිරෝෂා විරාජිනි - පත්තිනි
       
  • හොඳමගායකයා -

     

    • අජිත් කුමාරසිරි - මෝටර්බයිසිකල්
       
  • හොඳම පසුබිම් සංගීතය -

     

    • අජිත් කුමාරසිරි - මෝටර්බයිසිකල්
       
  • හොඳම සිනමා සංස්කරණය -

     

    • තිස්ස සුරේන්ද්‍ර- මෝටර්බයිසිකල්
       
  • හොඳම ශබ්ද සංකලනය -

     

    • අරුණ ප්‍රියන්ත කළුආරච්චි - මෝටර්බයිසිකල්
       
  • හොඳම කලා අධ්‍යක්ෂණය-

     

    • ලාල් හරීන්ද්‍රනාත් - සක්කාරං
       
  • හොඳම සිනමා ඡායාරූපකරණය -

     

    • විශ්වජිත් කරුණාරත්න - මෝටර්බයිසිකල්
       
  • විශිෂ්ටතම දර්ශන ප්‍රයෝග -

     

    • කසුන්මලින්ද - සරිගම
       
  • හොඳම ඇඳුම් නිර්මාණය -

     

    • වෙනුක වික්‍රමආරච්චි- පත්තිනි
       
  • හොඳම වේශ නිරූපණය -

     

    • ප්‍රියන්ත වන්නිනායක- ෆ්‍රැන්ජිපානි
       
  • හොඳම කෙටි චිත්‍රපටය -

     

    • ධනංජය බණ්ඩාර - Song of innocent
       
  • මතු ප්‍රාර්ථනා සහිත අධ්‍යක්ෂකවරයා -

     

    • ජූඩ් රත්නම් - Demons in paradise
       
  • හෙට දවසේ ප්‍රශස්ත සිනමා කෘතිය -

     

    • මාලක දේවප්‍රිය - බහුචිතවාදියා
       
  • ජූරියේ විශේෂ සම්මානය -

     

    • ප්‍රසන්න විතානගේ - උසාවිය නිහඬයි
       
  • සන්සිල්ක් ෂයින් සම්මානය -

     

    • උදාරිවර්ණකුලසූරිය

 

සටහන- සරසි නෙත්මිණි / ඡායාරූප - ශමීර රාජපක්ෂ

 

 2017-10-09-ent-02 2017-10-09-ent-03 2017-10-09-ent-04 2017-10-09-ent-05 2017-10-09-ent-06 2017-10-09-ent-07 2017-10-09-ent-08 2017-10-09-ent-09 2017-10-09-ent-10 2017-10-09-ent-11 2017-10-09-ent-12 2017-10-09-ent-13 2017-10-09-ent-14 2017-10-09-ent-15 2017-10-09-ent-16 2017-10-09-ent-17 2017-10-09-ent-18 2017-10-09-ent-19 2017-10-09-ent-20 2017-10-09-ent-21 2017-10-09-ent-22