'පුංචි අන්දරේ' දැන් තිරගත වේ



2018-04-09-ent-119

පුරාණ ජනශ්‍රැතියක් වන අන්දරේ තේමා කරගනිමින් නිර්මාණය වුණු 'පුංචි අන්දරේ' සිනමා නිර්මාණයේ මංගල දර්ශනය පසුගියදා (06දා) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණි. සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වන 'පුංචි අන්දරේ' වෛද්‍ය රාජිත ස්වාරිස්ගේ කුළුඳුල් සිනමා නිෂ්පාදනය වේ. 'පුංචි අන්දරේ' චිත්‍රපටය 2017 වසරේ චෙන්නායි අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ නිර්මාණයකි.

මහේන්ද්‍ර පෙරේරා, මොරින් චාරුණී, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුවිනීතා විමලවීර, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදෙන අතර, ප්‍රවීන් කටුකිතුලේ, යොහානි හංසිකා, පෝෂිනී දිසානායක යන ළමා නළු නිළියන්ද පුංචි අන්දරේ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වේ. ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ සුමිත් රෝහණ තිත්තවැල්ල විසින් සිදුකර ඇති අතර, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත නිර්මාණය සිදුකර ඇත.

'පුංචි අන්දරේ' ළමා චිත්‍රපටය දිවයින පුරා ඊ. ඒ. පී. සිනමා ශාලා ඇතුළු අනෙකුත් සිනමා ශාලා රැසක තිරගත වේ.

 

කැලුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2018-04-09-ent-115 2018-04-09-ent-116 2018-04-09-ent-117 2018-04-09-ent-118  2018-04-09-ent-120 2018-04-09-ent-121 2018-04-09-ent-122 2018-04-09-ent-123