'සූර්යාභිෂේකය - මහා නගරයේ මහා අවුරුදු උත්සවය'



මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ‘සූර්යාභිෂේකය - මහා නගරයේ මහා අවුරුදු උත්සවය’ උත්කර්ෂවත් අයුරින් පසුගියදා (08දා) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශ ක‍්‍රීඩාපිටියේදී ආරම්භ විය.  

සිරිත්විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ සාම්ප‍්‍රදායික අවුරුදු ජන ක‍්‍රීඩා මෙන්ම තවත් තර. රැසකින් සමන්විත විය. මහ නගර අමාත්‍ය චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම අවුරුදු උත්සවය සංවිධානය විය.

මෙයට සමගාමීව  වෙළඳ සල්පිලක්ද දවස පුරා පැවැත්වූ අතර, සංස්කෘතික සංදර්ශනය කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ මියැසි ප‍්‍රසංගය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටිය, ටොරින්ටන් චතුරශ්‍ර පරිශ‍්‍රය සහ ආකේඩ් පරිශ‍්‍රය යන ස්ථානයන් හිදී පැවැත්විණි.

 

2018-04-11-ent-36 2018-04-11-ent-37 2018-04-11-ent-38 2018-04-11-ent-39 2018-04-11-ent-40 2018-04-11-ent-41 2018-04-11-ent-42 2018-04-11-ent-43 2018-04-11-ent-44 2018-04-11-ent-45 2018-04-11-ent-46 2018-04-11-ent-47 2018-04-11-ent-48 2018-04-11-ent-49 2018-04-11-ent-50 2018-04-11-ent-51 2018-04-11-ent-52 2018-04-11-ent-53 2018-04-11-ent-54 2018-04-11-ent-55 2018-04-11-ent-56 2018-04-11-ent-57 2018-04-11-ent-58 2018-04-11-ent-59 2018-04-11-ent-60