'දඩ ඉම' මුහුරත් උළෙල දා



Instagrame Youtubejhj-New Facebook Twitter

විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ පළමු සිනමා නිර්මාණය වන ‘දඩ ඉම’හි මුහුරත් උළෙල පසුගියදා හෙජස්කෝට්හිදී පැවැත්විණි.

1984 දී තිරගත කළ වසන්ත ඔබේසේකරයන්ගේ ‘දඩයම’ සිනමා නිර්මාණයේ දිගුවක් ලෙස නිර්මාණය කෙරෙන ‘දඩ ඉම’ වෛද්‍ය නෙඔමාල් පෙරේරා සහ වෛද්‍ය නිශානි ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

‘දඩ ඉම’ කතාව, තිර රචනය සහ අධ්‍යෂණය වෛද්‍ය නෙඔමාල් පෙරේරා සිදු කරන අතර, කැමරා අධ්‍යක්‍ෂණයෙන් රුවන් කොස්තාද, සංගීත අධ්‍යෂණයෙන් නදීක ගුරුගේද, ගීත රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියත්නද, සහාය අධ්‍යෂණයෙන් චාමර සේලාරද, නිෂ්පාදන කළමනාකරණයෙන් වෛද්‍ය නිශානි ප්‍රනාන්දුද, රංගනයෙන් ස්වර්ණා මල්ලවාරච්චි, ජැක්සන් ඇන්තනි, අකිල ධනුද්ධර, මහේන්ද්‍ර පෙරේරා, මරියොන් වෙත්තසිංහ ආදීහු දායක වෙති.

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

 

Instagrame Youtubejhj-New Facebook Twitter

 

 

2018-10-08-ent-89 2018-10-08-ent-90 2018-10-08-ent-91 2018-10-08-ent-92 2018-10-08-ent-93 2018-10-08-ent-94 2018-10-08-ent-95 2018-10-08-ent-96 2018-10-08-ent-97 2018-10-08-ent-98 2018-10-08-ent-99 2018-10-08-ent-100