තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ



2017-01-09-ent-42

2017-01-09-ent-40 නව පරපුරේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙයි. සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතු වන සනුක සාරවිට සමග මෙසේ දොඩමලු විය.

මම උසස් පෙළ අවසන් වූ ගමන්ම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහෙත් මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට උපාධිය කරන්න කියලා බල කරලම යොමුකළා. ඒ අය හිතන්න ඇත්තේ අධ්‍යාපනයෙන් සුදුසුකම් සපුරන එක හොඳයි කියලා. නමුත් මම එහෙම නෙමෙයි. මම එහෙම හිතන්න ගියේ නෑ. මම ස්වනිර්මාණ කරන්න යොමු වුණා. මගේ සංගීත කණ්ඩායම ග්ලෝරි. මම සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග කළා. දැන් මියුසික් කරන්නෙ වෘත්තියක් විදිහට. කවදාවත් තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ. මාව ශනුක කියලා දන්න පිරිසක් ඉන්නවා.

ඔවුන් සමහර විට මගේ තාත්තා ගැන දන්නේනැති වෙන්න පුළුවන්. එක එක අය එක එක විදිහට අපිව හඳුන්වනවා. මගේ මතය නම් තමන්ගෙ අනන්‍යතාව ගොඩනැගෙන්නේ තමන් කරන දේවල් තුළින් කියන එකයි. තාත්තගේ ගීත ගායනා නොකර, තමන්ගෙම ගීත ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන. තාත්තගේ ගීත ගායනා කළත්, අපේ ස්වනිර්මාණ තියෙන්න ඕන. කලාකරුවෙක් කියන්නේ නිදහසේ නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක්. ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි පියා හෝ මව කලාකාරයෙකු නම් ඒ පුතා හෝ දුව ගැන කියන්න බොහෝ අය ඉන්නවා. ඒ නිසා නිර්මාණයක් කරන්න ගොඩක් හිතන්න වෙනවා. අපි අලුත් ජෙනරේෂන් එකක්. අපිට අලුත් දේවල් අත්හදා බලන්න හැකියාවක් තියනවා. අවස්ථාවත් තියනවා. විවේචනය කරන අය ඒ දේවල් කරයි.

 

නිදුක් මදුෂික

 

2017-01-09-ent-41