මගේම කියලා ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා



2017-01-09-ent-46

2017-01-09-ent-44

2017-01-09-ent-45

ලංකාවේ ඉපදී මේ වනවිට ඇමෙරිකාවේ වෙසෙන ඇය වෘත්තියෙන් ගණකාධිකාරිණියක වීමට සුදුසුකම් සපුරාලමින් සිටින්නීය. ඒකාකාරී වෘත්තියක නිරත වූවද තම විනෝදාංශයක් ලෙස ගීත ගායනය කිරීමට දස්කම් දක්වන ඇය නමින් ශලනි බණ්ඩාරනායකයි. ඇය විසින් ගායනා කරන ලද ගීතයක් වන ‘පියංම කෙරුවෙමු’ පිළිබඳව අපි ඔබව දැනුම්වත් කළෙමු. සමාජ ජාලයේ බොහෝ ජනප්‍රියත්වයත් ලබා සිටින ඇය විසින් ගායනා කරනු ලබන ගීත පිළිබඳව දිගහැරුමට ‘සාරවිට’ මෙලෙස සම්බන්ධ කරගත්තෙමු.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගෙ නම ශලිනි බණ්ඩාරනායක. මේ දවස්වල ජීවත් වෙන්නෙ ඇමෙරිකාවෙ මින්නසෝටා ප්‍රාන්තයේ. මම ගණකාධිකරණය පිළිබඳ උපාධිය හදාරල, දෑන් තොරතුරු තාක්ෂණය මාස්ටර්ස් උපාධියක් හදාරමින් ඉන්නෙ. විවාහකයි. එයත් ඉන්නෙ මෙහෙමයි. මාස්ටර්ස් උපාධිය හදාරමින්.

 

එතකොට සංගීත පැත්තට යොමු වෙන්නේ කොහොමද?

මම පාසල් ගියෙ කොළඹ මියුසියස් විදුහලට. එහිදී තමයි මුලින්ම පෙරදිග සංගීතය විෂයක් ලෙසට හදාරන්න ගත්තේ. ඊට පස්සෙ මම ගායනයට වාදනයට විනෝදාංශයක් විදියට කැමති නිසා ගායනය සහ වයලින් වාදනය ඉගෙන ගන්න මගෙ සොයුරිය සමග රූපශිකා රණතුංග ගුරුතුමියගෙ පන්තියකට සහභාගී වුණා. එහිදී විවිධ ප්‍රසංගවල ගීත ගායනා කළා. Husband සංගීතයට ගායනයට ගොඩක් දක්ෂ නිසා උසස් අධ්‍යාපනය හදාරන්න ආවට පස්සෙ විනෝදාංශයක් ලෙස එයත් සමග ගොඩක් ගීත ගායන කළා.

 

දැනට ඔයාගේම කියලා ගීතයක් කළේ නැද්ද?

මේ දවස්වල Smule app එකෙන් තමයි මම ගායනා කළේ විවිධ ගීත. එහි ගයපු ගීත කීපයකටම ගොඩක් ප්‍රතිචාර ලැබුණා. හැමදාමත් විවිධ අය මට Face-book, Smule එකෙන් ගොඩක් අගය කරලා පණිවුඩ එවනවා. එනිසා ඊළඟ පාර ලංකාවට ගියාම ගීතයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ඒ කියන්නේ ඔබ ෆේස්බුක් එකේ ජනප්‍රිය තරුවක් වෙලා?

අනේ මන්දා ඉතින්. ගායනා කරපු ගීතවලට ගොඩක් views සහ ප්‍රතිචාර නම් තියෙනවා. ගොඩක් අය කතා කරලත් සුභ පතනව. එහෙම තමයි ඉතින්.

 

ඉදිරි කටයුතු මොනාද කිව්වොත්? බලාපොරොත්තු?

ඉක්මනටම මගෙම කියලා මිනිසුන් අතරෙ කාලයක් රැඳෙන ගීතයක් කරන්න තමයි බලාපොරොත්තුව. ඊට අමතරව ඉක්මනින්ම අධ්‍යාපන කටයුතු නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2017-01-09-ent-48
2017-01-09-ent-47