හසංක දිමුතුගේ I want to play



කෙටි චිත්‍රපටයක් ලෙස මෙතෙකේ ඉදිරිපත් කළ වෙනස්ම කෙටි චිත්‍රපටයක් වන මෙය හුදෙක් ගීත කතාවක් ලෙස දැක්විය හැක. කෙටි චිත්‍රපටය ඇරඹෙන ගීතය තුළ විශාල කතාවක් වෙයි. සිය ආදර කතාව ගීතයක් ලෙස ගයන ගායකයාගේ සිදුවීම් මෙහි කතා තේමාව ලෙස ගලායයි. සිය ගීතයේ ස්වර සටහන් පින්තූර ලෙස තබාගන්නා අයෙකු සිටීද? මේ එම ගායකයාගේ කතාවයි. මේ ඒ සම්බ්නධයෙන් අදහස් දක්වන කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂක

මේක මම විශ්වවිද්‍යාලයේ පරික්ෂණයක් වෙනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියක් විදියටයි කළේ. ප්ලොට් එක ආවෙ ඕනම නිර්මාණකාරයෙකුට නිර්මාණයකට එන තමුන්ගෙ අත්දැකීම් පාලනය වෙන විදියයි පෙන්වන්නෙ. ඒ අත්දැකීම් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒත් ඒක එළියට පේන්නෙ නැහැ. පෙම්වතිය දාලා ගියාම එයාට මියුසික් කරන්න නිදහස ආවට ඒ අත්දැකීම් ආපු ප්‍රභවය නැති වෙන නිසා එයා මියුසික් කරන එක නවත්තනවා.

 

තිර පිටපත/සංස්කරණය/අධ්‍යක්ෂක -

  • හසංක දිමුතු

කැමරාකරණය - ඇසල අතුපැලගේ

  • සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කලමනාකාර - සිසිර කුමාර

වේෂ නිරූපණය -

  • ඩිලානි විජේතුංග

සංගීතය සහ ගායනය -

  • ටියුලින් ජයන්ත සහ ඉසුරු විතානගේ

සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළමණාකරණය

  • සුගන්දි කාංචනා / සිසිර කුමාර

රංගනය -

  • ටියුලින් ජයන්ත / පමුදි අපොන්සු  / ලක්මාල් මාන්නප්පෙරුම

ස්තුතිය

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය(UNIVOTEC)
  • සෙනේෂ් බන්ඩාර දිසානායක

 

රචින්ත ජයවර්ධන