පෙම්වතියක් බව දැන දැනත් පේ‍්‍රමාරාධනාවල අඩුවක් නෑ



2017-03-16-ent-301

මුතූ තරංගා පසුගිය දිනවල සමාජජාලා වෙබ් අඩවි තුළ වැඩිපුර කතාබහට ලක්වුණු චරිතයක් වුණා.

ඒ කතාබහට මුල්වූ සිදුවීම ඇය කාටත් හොරෙන්ම විවාහ දිවියට පත්වූ බවයි.

ඒ පිළිබඳ ඇත්ත නැත්ත කතා කිරීමටත් ඇයගේ කලා ලොවේ නව තොරතුරු කතා කිරීමටත් සමඟින්ම ඒ ආදරණීය රංගන ශිල්පිනියට ආදරය කරන ඔබ වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

මුතූ කොහොමද ජීවිතේ?

2017-03-16-ent-298පසුගියකාලෙ නම් ගොඩක් කාර්ය බහුල වෙලා හිටියා. මේ සති දෙකේ නම් ටිකක් විතර නිදහසේ ඉන්නවා.

 

ඇයි ඒ තරම් කාර්ය බහුල වුණේ?

හිරු මෙගා ස්ටාර් වැඩ සටහන නිසා තමයි ගොඩක් කාර්ය බහුල වුණේ.

 

මේ දවස්වල මෙගා ස්ටාර් ගොඩක් ජනපි‍්‍රයයි නේද?

මෙගා ස්ටාර් වැඩසටහන මේ වෙද්දි නම් ඉතා හොඳින් පවතිනවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා නම් දන්නෙ නෑ. අපේ ”රාවන්ස්” කන්ඩායමට ගොඩක් අය කැමැතියි.

පාර තොටේ යද්දි වුණත්, සමාජජාලා වෙබ් අඩවිවලින් ඒ හැම දේකින්ම ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. අපිට ඒ ප‍්‍රතිචාරවලින් දැන ගන්න පුළුවන් අපිට ආදරේ කරන පේ‍්‍රක්ෂකයො කොයිතරම් ඉන්නවද කියලා. ඒ ගැනත් ගොඩක් සතුටුයි.

 

රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුනෙ ඇයි?

අවුරුදු ගණනක්ම මම මේ දේවල්වලට සම්බන්ධ වෙන්නෙ නැතිව හිටියා. ආරාධනා ලැබුණත් මම භාරගත්තෙ නෑ. නමුත් හිරු නාලිකාවෙන් මට මේ සඳහා ආරාධනා කළාම මට හිතුනා මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න.

ඉතින් මම ඒ දවස්වල ටිකක් විතර නිදහසේ හිටියෙ. මෙමඟින් රංගනය, නර්තනය, ගායනය වගේ හැම පැත්තකින්ම දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් ලොකු අවස්ථාවක්නෙ. මොකද මම වෙනදට කරපු නැති චරිත කරන්නත් පුළුවන්. ඒ දේවල් ජීවිතේට ලොකු අභියෝග. ඒ අභියෝගවලට මම කොහොමත් එදා ඉඳන්ම කැමැතියි. ඒ නිසා ඉතා කැමැත්තෙන් පැකිළීමකින් තොරව තමයි මේ ආරාධනාව භාරගත්තෙ.

 

මේ තුළින් මුතූගෙ ජීවිතේට ලැබුණු අද්දැකීම් ගැන කතා කළොත්?

බොහෝ දෙනෙක් එක්ක ළඟින් ඇසුරු කරන්න ලැබුණා. ඒ නිසා ගොඩක් අද්දැකීම් ලබන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ සැඟවිලා තිබුණු දක්ෂතා එළියට ආවා. විශේෂයෙන්ම ස්වයංවරයෙදි එහිදී ජීවිතේට නොකරපු චරිත පවා ඉදිරිපත් කරන්න ලැබුණා. ඇත්තටම මම හිතපු නැති තරම් සමහර තැන්වලදි සාර්ථක වුණා කියලා හිතෙනවා. මොකද විනිශ්චය මණ්ඩලයෙනුත් අපේ කණ්ඩායමට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව තවත් මගෙ රංගන කුසලතා දියුණු වුණා කියලා හිතෙනවා.

 

කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි නොයෙකුත් ප‍්‍රශ්නවලට මුහුණ පාන්න සිදුවෙනවනෙ? එකිනෙකා සිතන පතන දේ වෙනස්, කොහොමද ඒ අද්දැකීම?

කණ්ඩායමක් විදියට ගත්තම අපි හත් දෙනාගෙ අදහස් සමහර තැන්වල නොගැළපෙන දේවල් තියෙනවා. නමුත් අපේ කණ්ඩායමේ එක්කෙනාට එක්කෙනා හොඳට ඇහුම්කන් දෙනවා. අපි හත්දෙනාම ගොඩක් වෙලාවට හරි බැලන්ස්. අපිට කරන්න පුළුවන් දේවල්, බැරි දේවල් හොඳට දැනගෙන ඉන්නෙ. අපේ දුර්වල තැන් මොනවද කියන දේත් හොඳින්ම දන්නවා. මට පුළුවන් කියලා ගිහින් අමාරුවෙ වැටෙන අය අපේ කණ්ඩායමේ නෑ. ඒ නිසා වෙන්න ඇති අපේ කණ්ඩායම නොකැඞී ඉන්නෙ. තවම අපි අතර කිසි ප‍්‍රශ්නයක් වෙලා නෑ. තවම සහෝදරයො වගේ එකට බැඳිලා ඉන්නෙ. කොහොමත් මම ක්ෂේත‍්‍රයේ කව්රුත් වැඩිපුර ළඟින් ආශ‍්‍රයකරලා නෑ. නමුත් අපි හත්දෙනා එක වගේ. මේ වෙද්දි හොඳ බැඳිමක් තියෙනවා.

 

කොහොමද කණ්ඩායමට ලැබෙන ප‍්‍රතිචාර

ප‍්‍රතිචාර ඉතා ඉහළයි. අපි ඉදිරිපත් කරපු රෝමියෝ ජුලියට්, ඇවටර්, ටයිටැනික් වගේ නිර්මාණ ඉතා ඉහළින් පේ‍්‍රක්ෂකයො අතරට ගියා. අපිට ඔවුන් ගොඩක් කැමැතියි. මම හිතනවා ඉදිරියටත් අපේ අලූත් නිර්මාණ එක්ක පේ‍්‍රක්ෂකයො හැමදාමත් ඉඳියි කියලා. මට හිතෙන්නෙ ගායනය, නර්තනය, රංගනය යන අංශ තුනෙන්ම අපට දක්ෂතා තියෙනවා. ඉතින් ඒ හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න නිසා තමයි අපේ ”රාවන්ස්” කණ්ඩායම කැපී පෙනෙන්නෙ.

 

ඊට අමතරව මේ දවස්වල පුංචි තිරයෙ රිදී තිරයෙ වැඩ කොහොමද?

පුංචි තිරයෙ රිදී තිරයෙ වැඩ නම් භාර ගත්තෙ නෑ. මෙගා ස්ටාර් නිසා. ලැබුණු වැඩ ගොඩක් නවත්තන්න සිද්ධ වුණා. ඒ නිසා අපේ‍්‍රල් වෙනකම් මට ආපු හොඳ නිර්මාණ ගොඩක් මඟ ඇරුණා. ඒ හේතුව නිසා එක පැත්තකින් මම පොඩි හිරවීමක් වුණේ. මොකද මගෙ වෘත්තිය රංගනයනෙ. ඉතින් නිර්මාණ ප‍්‍රතික්ෂේප කරපු එක මට ලොකු අඩු පාඩුවක් වුණේ. ඉදිරියෙදි නම් නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

මුතූ තරංගා හොරෙන්ම විවාහ වුණා කියන්නෙ ඇත්තද?

අනේ නෑ. මේ වෙද්දි මගෙන් ඔය ප‍්‍රශ්නෙ ගැන ගොඩක් දෙනා කතා කරලා අහනවා.

 

එහෙනම් වෙබ් අඩවිවල තිබුණු ඡායාරූප මොනවද?

ගොඩක් වෙලාවට මම සහභාගි වෙන උත්සව අවස්ථාවලට මාව ඩෙ‍්‍රස් කරන්නෙ මිනෝෂාන් වනසිංහ. ඔහු මට කතා කළා බ‍්‍රයිඞ්ල් ෂූට් එකක් කරන්න. බ‍්‍රයිඞ්ල් කපල් ෂූට් එකක් කරමුද කියලා ඇහුවම මමත් ඒකට කැමැති වුණා. අයියා කළින් නිරූපණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් නිසා ඔහු සමඟ තමයි ෂූට් එක කළෙත්. ඉතින් ඒ ෆොටෝ ෂූට් එකක් විතරයි. මම හිතුවෙත් නෑ ඒක එතරම් ප‍්‍රශ්නයක් වෙයි කියලා. මොකද මගෙ යාළුවොත් කතා කරලා කියනවා හොරෙන්ම බැන්දා නේද කියලා. අනේ තවම නම් බැඳලා නෑ. මේ ෆොටෝ ෂූට් එකක් විතරයි. මම බැන්දනම් පේ‍්‍රක්ෂකයන්ට නොකියා ඉන්නෙ නෑනෙ. මගෙ විවාහ උත්සවය එනකං බලාගෙන ඉන්න මගෙ ආදරණීය පේ‍්‍රක්ෂකයොත් ඉන්නවනෙ. ඒ හැම කෙනාටම කියලා තමයි මම බඳින්නෙ. කවදාවත් හොරෙන් බඳින්නෙ නෑ.

 

ඇත්තටම කවදද විවාහය සිද්ධ වෙන්නෙ?

බොහෝ දුරට මේ අවුරුද්දෙ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් උඩ ඉන්න දෙවියො තමයි දන්නෙ.

 

ඔහු කවුද කියලා කියනවද?

ඔහු නිශාන්ත ජයවර්ධන. මගෙ ක්ෂේත‍්‍රයේ ඉන්න අයනම් ඔහුව දන්නවා. දැකලා තියෙනවා සහ සමීපව ඇසුරු කරනවා.

 

හොඳම තෝරා ගැනීම කියලා හිතනවද?

ඔව් අනිවාර්යයෙන්ම කොච්චර වුණත් අපිට ලැබෙන දෙයක් තියෙනවනෙ කිසි දෙයක් අපිට බලෙන් ලබාගන්න බෑ. මේ මට ලැබුණු හොඳම කෙනා කියලා තමයි මම හිතන්නෙ.

 

මුතූ තරංගා කියන්නෙ කලා ක්ෂේත‍්‍රයේ බොහෝ කාලයක් මේ වනවිට රැුඳිලා ඉන්න කෙනෙක්. ඉතින් මුතූට පේ‍්‍රම යෝජනා ගොඩක් එන්නත් ඇතිනේ. ඒ අතරින් මොහුටම හිත ගියෙ ඇයි?

මට පෙම්වතෙක් ඉන්නවා කියලා දැනගෙනත් තවමත් පේ‍්‍රම ආරාධනා ලැබෙනවා. නමුත් මම ක්ෂේත‍්‍රයේ ඉද්දි වුණත් අනවශ්‍ය අය සමඟ අනවශ්‍ය සම්බන්ධතා පටන් ගන්න ගියෙ නෑ. කොහොමටත් ළඟින් කාවවත් ආශ‍්‍රය කරලත් නෑ. මම ක්ෂේත‍්‍රයට එන අළුත වගේ මොහුව මුණ ගැහුනෙ. නමුත් ඒ වෙද්දි මට වෙන සම්බන්ධයක් තිබුණා අවුරුදු හතක් වගේ. ඒ සම්බන්ධය නැතිවුණාට පස්සෙ තමයි නිශාන්ත මගෙ ජීවිතේට ආවෙ. ඉතින් අපේ විවාහයත් බොහොම ඉක්මනින් නුදුරේම සිද්ධ වෙයි.

 

ධනු විජේරත්න

 

  2017-03-16-ent-300 2017-03-16-ent-299