රුවන්ගේ 'මල්' ජනප්‍රියද?



2017-04-17-ent-75

අද ගීත බොහෝ දෙනා හඳුන්වන්නේ 'මල්' සිංදු යනුවෙනි. එවැනි මල් සිංදුවකට මේ වනවිට යූටියුබ් ජාලයේ උණුසුම් ප්‍රතිචාර හිමිවෙමින් තිබේ. ඒ රුවන් හෙට්ටිආරච්චිගේ 'මල්' ගීතයටය.

රුවන් හෙට්ටිආරච්චි කලක් නිහඬව සිටි ගායකයෙකි. ඔහුගේ අලුත්ම ගීතය මේ වනවිට යූටියුබ් ජාලයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙම ගීතය 'මල්' සිංදුවක් යනුවෙන් හඳුන්වන්නේ ඇයිදැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් වුවත්, සමාජ ජාලාවල සැරසරන පුද්ගලයෙකුට නම් එය එතරම් ගැටලුවක් නොවෙයි. 'මල්' ලෙස නම් කර ඇති මෙම ගීතය රුවන් හෙට්ටිආරච්චි විසින් සිදුකරනු ලැබූ මහත් වෙනසක් බව කිව යුතුය. කාලීන ගීතමය රැල්ලෙන් ඔබ්බට ගොස් නිර්මාණය කර ඇති මෙම ගීතය නවීන ආකාරයේ රූපමය වෙනසක් සිදුකිරීමට සමත් වී ඇත. මෙම ගීතයේ තවත් විශේෂ කාරණාවක් තිබේ. ඒ මෙම ගීතයේ වීඩියෝව සඳහා දායක වී ඇති දෙදෙනෙකු නිසාවෙනි. ඒ ෆේස්බුක් තුළ බොහෝ දෙනා ආදරය කරන චරිත දෙකක් වන ජනයි, ප්‍රියයි මෙම වීඩියෝවට දායක වී තිබේ.

මෙම ගීතය ප්‍රසංග වේදිකාවට ගැළපෙන බව හැඟෙන්නේ මෙහි ඇති රිද්ම සමගය. රුවන් හෙට්ටිආරච්චි ගීතයක් නිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වන්නේ මෙවැනි කාරණා නිසාද යන්න බොහෝ දෙනාට මතුවන ප්‍රශ්නයකි. නමුත් ඔහු විසින් කාලයක් ගෙන හෝ නිර්මාණය කරනු ලබන ගීතයේ බොහෝ වෙනස්කම් දැක ගැනීමට හැකියාව තිබේ. මෙම ගීතය ඊට හොඳම උදාහරණයකි.

 

එළිදැක් වූ දිනය - 2017 මාර්තු 31

ගායනය - රුවන් හෙට්ටිආරච්චි

පදරචනය - ශෙහාන් ගලහිටියාව

සංගීතය - මිර්ර් එන්ටර්ටේන්මන්ට්

 

2017-04-17-ent-76