දමිත් අසංකගේ 'නොලැබෙන ඔබේ ආදරේ'



2017-04-17-ent-79

දමිත් අසංකගේ 'නොලැබෙන ඔබේ ආදරේ' ගීතය මේ වනවිට යූටියුබ් ජාලයේ ජනප්‍රියත්වට පත්ව තිබේ. දමිත් අසංකගේ ගීත අද වනවිට කොපමණ ජනප්‍රියත්වයක් හිමිකර තිබේද යන්න පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.

විරහව පිළිබඳව තිබෙන ගීත ප්‍රමාණය ගණනය කිරීමටත් නොහැකි තරම්ය. අද වනවිට රැල්ලක් වී ඇති මෙම විරහව පිළිබඳව කොතෙකුත් ගීත නිර්මාණය වුවත්, ඒ සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන බව කිව යුතුමය.

'නොලැබෙන ඔබේ ආදරේ' එවැනි විරහ ගීතයක් වුවත්, මෙහි වීඩියෝවෙන් යම්කිසි වෙනසක් සිදුකිරීමට මහත් උත්සහයක් ගත් බව නම් මින් මනාව පැහැදිලි වෙයි. ගීතයෙන් කියැවෙන කාරණාව මියුසික් වීඩියෝවක් තුළින් ගෙන ඒමට හැකියාව ලැබෙන්නේ ඉතාමත් අතළොස්සකට පමණි. නමුත්, දමිත් අසංකගේ මෙම ගීතය සහ වීඩියෝව බොහෝ දුරට සාර්ථක වී ඇති බවක් මෙය නරඹන කවරකුට වුවද පසක්වනු නියතය.

 

නිකුත් වූ දිනය - 2017 පෙබරවාරි 20

ගායනය - දමිත් අසංක

පද රචනය - සජිත් වී චතුරංග

සංගීතය - රදීශ් වැන්දබෝනා

නැරඹූ සංඛ්‍යාව - 192,675

 

2017-04-17-ent-78