අද තියෙන මියුසික් රැල්ල ගැන කනගාටුයි



 2017-04-17-ent-178

ඩිලාන් ගෞතමදාස යනු වර්තමාන සංගීත ක්ෂේත‍්‍රය තුළ බිහිවූ දක්ෂ යොවුන් පද රචකයෙකි. වර්තමානයේ දෛනිකව ඉදිරියට පැමිණෙන පද රචකයන් අතර, ඩිලාන් මේ වනවිට සිය ස්ථාවරත්වය ගොඩනගාගනිමින් සිටියි. ගීත රැසක් සඳහා මේ වනවිට ගී පද රචකයෙකු ලෙස දායක වී ඇති ඩිලාන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ ඔහු සමගින් කළ කතාබහකි මේ.

 

ක්ෂේත්‍රයට ඔබගේ පිවිසීම?

2017-04-17-ent-176ක්ෂේත්‍රයට මම අලුත් කෙනෙක්. නමුත්, දැනට මම ගී පද රචකයෙක් විදිහට ගොඩක් නිර්මාණ කරලා තියෙනවා. කොටින්ම කියනවා නම් ක්ෂේත්‍රය තුළ %ගෞතම්^ කිව්වොත් බොහෝ දෙනෙක් මාව අඳුනනවා. මම කරපු පද රචනාවලින් මිනිස්සු අතර ගියේ සඳුන් තාරක ගායනා කළා %මගේ සුදු අම්මා^ ගීතය. ඒ ගීතය සංගීතවත් කළේ කසුන් පොල්ගම්පොළ.

 

ඊට අමතරව ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

"සහරා ෆ්ලෑෂ්" සංගීත කණ්ඩායමේ ෆැන්ටා ගායනා කරන "හිමි වෙන්නේ නැතිතරම් ඔයා", "සනිධප" සංගීත කණ්ඩායමේ ඒජේ ගායනා කළ "චාටු දාපු ආදරි", ඩිලාන් ප්‍රසංග ගායනා කරන "හුරුපුරුදු කල්පනා", අමිත් තරංග ගායනා කරන "ඔබට වඩා ආදරෙයි මා", හෙලන් අත්තනායක ගායනා කරන " මං තවම ආදරෙයි" හා බ්‍රයන් රෝස් ගායනා කරන "කාලයක් නෙතු නොවසා" මා අතින් ලියැවුණ ගීත.

 

ඉදිරි නිර්මාණ

ඉදිරියේදී ගී පද රචකයෙකු විදිහට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ගීත ලියනවා. ඒත්, ඒක මගේ වෘත්තිය නෙවෙයි. මියුසික්වලට තියෙන ආසාවටයි, ආදරෙටයි මම නිර්මාණ කරනවා. මං හොයන්නේ වෙනසක්. මං කාගෙවත් සින්දු කොපි කරලා නැහැ. මෙතෙක් දුරක් ආවේ තනියෙන්. මහන්සියෙන්. මියුසික් සල්ලිවෙලා තියෙන මේ කාලේ මං ගියේ සල්ලි හොයන්න නෙවෙයි, මියුසික්වලට අලුත් වෙනසක් එක් කරන්න. ඉදිරියට තව වෙනස්ම ආකාරයකින් හොඳ ගීත කිහිපක් එන්න තියෙනවා.

 

අද බිහිවෙන නිර්මාණ ගැන කතා කළොත්?

මියුසික් කියන්නේ තවත් කෙනෙක් රසවින්දනයට පත්කරන දෙයක් මිසක්, ව්‍යාපාරයක් නෙවෙයි. සල්ලි හම්බ කරන්න ඕනි. ඒත් මියුසික්වල ගුණත්වය ප්‍රයෝජනයට අරන් නෙවෙයි. ගී පද රචකයෙකු ලෙස අද මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. ඒත්, අද තියෙන මියුසික් රැල්ල ගැන කනගාටුයි. මේ රැල්ල වෙනස් වෙන්න ඕනෙමයි. මේ රාමුවෙන් ඔබ්බට යන්න ඕන. අද සමාජේ කිදෙනෙක් තමන්ටම කියලා සින්දුවක් කරගන්න බැරිව පසුතැවෙනවාද? මොකද්ද හේතුව, මේ රැල්ල නිසා. කොච්චර හොඳ නිර්මාණ බිහි වුණත් ඉස්සරහට ගේන්න ලොකු වෙහසක් දරන්න ඕන. මම උත්සාහ කරනවා රැල්ලෙන් මිදිලා මිනිසුන්ට හිතට වදින දේවල් කරන්න.

 

උදව් කරපු අය?

මුලින්ම මගේ අම්මවයි, තාත්තාවයි මතක් කරන්න ඕනා. එයාලා නිසයි ඩිලාන් ගෞතමදාස කියන ගී පද රචකයා සංගීත ක්ෂේත්‍රයට එන්නේ. ඊට අමතරව ගොඩක්ම මාධ්‍ය තමයි මට උදව් කරලා අත දීලා තියෙන්නේ. එයාලා හැමෝටමත් මේ වෙලාවෙදි මගේ කෘතවේදිත්වය පිරිනමනවා.

 

ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-04-17-ent-177