මම රඟපාන්නෙ මුදල් බලාගෙන නෙවෙයි



 2017-06-16-ent-08

නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් නිරෝෂා ඇයගේ රංගන ජීවිතේ විවිධ චරිත ඔස්සේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙන චරිතයක්.

ඒ වගේම මේ දින වල විකාශය වෙන ටෙලි වෘතාන්තයක් වන ”හාර කෝටිය” ටෙලි නාට්‍යයේ ”අරුණි” හරහා ඔබ හමුවට එන ඇය අපි කතා බහකට එකතු කර ගත්තා. ඇය නම් නිරෝෂා තලගලයි.

 

නිරෝෂව අල්ලගන්න හරිම අමාරුයිනේ?

2017-06-16-ent-07පුළුවන්. හැම වෙලාම මම එන ක්‍්කකි වලට කතා කරනවා. ඇත්තටම පහුගිය මාස දෙකේ නම් හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. භාර ගත්ත ප‍්‍රසංග තිබුණා. ටෙලි නාට්‍ය කිහිපයක වැඩ තිබුණා. ඒ මාස දෙකේ ටෙලි නාට්‍ය නම් භාර ගත්තෙම නැති තරම්.

 

මේ දවස් වල විකාශනය වෙන ”හාර කෝටිය” ටෙලි නාට්‍යයේ ”අරුණි” නිසා නිරෝෂා ෙ බාහෝ දෙනා අතර කතා බහට ලක් වෙනවා. මොකද හිතෙන්නේ ඒ චරිතෙ ගැන?

ඇත්තටම මම දැන් කලාවට ඇවිල්ලා අවුරුදු අටක් වෙනවා. ඒ ආපු ගමනෙදි මට එකකට එකක් වෙනස් චරිත ලැබුණා. පේ‍්‍රක්ෂකයෝ අතර ඒ චරිත කතා බහට ලක් වුණා. හාර කෝටිය ටෙලි නාට්‍යයෙන් අරුණි කියන්නේ මාව ලොකු වෙනසකට අරගෙන ගියපු චරිතයක්.

 

ඇත්තටම අරුණි කියන්නේ කවුද? අරුණි මොකක්ද සමාජය ඉදිරියේ කියන්න උත්සාහ කරන්නේ?

අරුණිලා වගේ චරිත මේ මහ පොළවේ ඕනෑ තරම් ජීවත් වෙනවා. හැබැයි ඒ අයට ඒ ජීවිත වල තියෙන කටුකත්වය කියන්න කෙනෙක් නැහැ. කිව්වත් අහන්න කෙනෙක් නැහැ. අසරණ ගැහැණියකුගෙන් බොහෝ අය බලන්නේ අයුතු ප‍්‍රයෝජන ගන්න. නාගරික පැල්පත් ජීවිතයක් ගත කරන අරුණිගේ අම්මා පුංචි කාලෙදිම මැරෙනවා. අරුණි ගොඩක් දුප්පත් තරුණියක්. දරුවට මාසයක් වෙද්දි අරුණි බැඳපු මනුස්සයත් නැති වෙනවා. තාත්තයි මල්ලියි විතරයි ඇගේ ආරක්ෂාවට ඉන්නේ. තාත්තා බොනවා විතරයි. රස්සාවක් කරන්නේ නැහැ. මල්ලිත් රස්තියාදු ගහනවා විතරයි. සත පහක් වත් හම්බ කරන්නේ නැහැ. මැරුණු මහත්තයගේ පුංචි විශ‍්‍රාම වැටුපෙන් අරුණි මුළු ගෙදරම නඩත්තු කරන්න ඕන. අරුණි කියන්නේ බඩ ගින්නට කඳුළු බොන ජීවිතයක්. දුක, කේන්තිය, තරහ දරා ගන්න බැහැ. ඒත් ඇයට කරන්න දෙයක් නැහැ. ඇයට සමාජයට කියන්න බැරි බොහෝ දේවල් අරුණි කියන චරිතය හරහා මම කියන්න උත්සාහ කරනවා. මම විවිධ චරිත කරලා තියෙනවා. ඒත් අරුණි කියන චරිතය මගේ හදවතටම දැනුණු සත්‍යය චරිතයක්.

 

නිරෝෂා කියන්නේ ලැබෙන ඕනම චරිතයක් භාර ගන්න කෙනෙක් ද?

මම හැම නිතරම කලාව ඇතුළේ ඉන්නේ සීමාවක් තබාගෙන. ඒ සීමාව තුළ මට වෙනසක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. මම කවදාවත් කතාවේ කොටස් කීයද? ඒක ප‍්‍රධාන චරිතයක් ද? කියලා හොයන්නේ නැහැ. මම මුදල් බලාගෙන චරිත කරන කෙනෙක් නෙමෙයි. එකිනෙකට වෙනස් චරිත කරන්න මම හරි කැමතියි.

 

කොහොම වුණත් හොර රහසෙම නිරෝෂා කලාවෙන් ඉවත් වෙන්න යනවා කියන කතාවේ ඇත්තක් තියෙනවාද?

ඇත්තටම මම අදටත් රඟපාන්නේ මගේ මහත්තයගේ කැමැත්ත නිසා. මාව රංගන ශිල්පිනියක් කළේ ඔහු කවදාත් ඔයා මේකෙන් කවදද නතර වෙන්නේ කියලා අහලාත් නැහැ. දැන් රඟපෑවා ඇති කියලත් නැහැ. මම රඟපාන්න ආවේ ලොකු කැමැත්තකින් නෙවෙයි. මහත්තයාගේ ආසාවට තමයි මම රඟපාන්න ආවේ. තව දෙයක් මම කාගෙන් වත් පස්සෙන් චරිත ඉල්ලගෙන ගිහිල්ලා රඟ පාන්න ආපු කෙනෙකුත් නෙමෙයි. පසුගිය කාලය පුරාම එක දිගට හැම මඩ චැනල් එකකම මම රඟපෑවා. දැන් මට හිතුණා පුංචි නිවාඩුවක් ගත්තොත් හොඳයි කියලා.

හොඳ වැඩක් ආවොත් භාර ගන්නවා. ඒත් පසුගිය කාලේ වගේ ඉදිරියට දිගටම මාව ටෙලි නාට්‍ය තුළින් දකින්න නැති වේවි.

 

ප‍්‍රසංග වේදිකා වල නටන කොට විවිධ අය බලන්නේ විවිධ කෝණ වලින්. නිරෝෂාටත් ඒ වගේ ගල් මුල් චෝදනා ආපු අවස්ථා තියෙනවද?

අම්මෝ ඕන තරම් ගල් මුල් ඇවිල්ලා තියෙනවා. ප‍්‍රසිද්ධ නළුවෙක් පසුගිය දවසක මගෙන් අහනව.ා ඔයට ලැජ්ජ නැද්ද මේ වගේ ප‍්‍රසංග වේදිකා වල නටන්න කියලා. නර්ථනය කියන දේ තේරුම් ගන්න බැරි තරම් ඔළුවක් නැති අයට කලාවේ ඉන්න කොට ඒ ගැන තවත් කතා කරලා වැඩක් නැහැ. මම නර්තනය කරන්නේ භක්තියෙන් කලාවක් විදියට ඒක හෑල්ලූවට ලක් කරන එක ගැන මම හරිම කනගාටුයි. අද නර්ථන කණ්ඩායම් වැහි වැහැලා ඇඟම එළියේ. දාගෙන නටන නර්තන කණ්ඩායම් නිසා සමස්ත නර්තන කණ්ඩායම් සියල්ලම දිහා බලන්නේ හරිම කැත විදිහට. එක් අවස්ථාවකදී මට මේවා දරා ගන්න බැරුව ප‍්‍රසංග වේදිකාවෙන් අයින් වෙන්නත් මම තීරණය කළා. වසර දෙකක් මම ප‍්‍රසංග වේදිකාවෙන් ඉවත් වෙලත් හිටියා.

 

ප‍්‍රසංග වේදිකාවේ නටන්න එපා කියලා මහත්තයගෙන් තහංචි වැටිලා නැද්ද?

අපෝ නැහැ. මේ හැම දේකටම මම ශක්තිය දෙන්නේ එයා. මහත්තයා මට දාලා තියෙන කොන්දේසි වලින් පිට මම කවදාවත් යන්නේ නැහැ කියලා එයා දන්නවා. ඒ විශ්වාසය අපි දෙන්න අතර තියෙනවා.

 

පහුගිය කාලේ නිරෝෂගෙන් විවාහයත් දෙදරා ගිහින් කියලා ආන්දෝලනාත්මක කතා බහකට ලක් වුණා නේද?

මම බැඳලා අවුරුදු අටක් මගේ මහත්තයා ඉන්නේ විදේශ රටක. එයාව කවුරුත් වැඩිය දකින්නේ නැහැ. ගෙදර නිවාඩුවට ආවත් එළියට බහින්න එයා කැමති නැහැ. ඔය කතා හදන අයට ප‍්‍රශ්නයක් මතු වුණා. ”නිරෝෂාගේ හස්බන්ඞ් කෝ” කියලා ඇත්තටම අපි අතර කිසිම ප‍්‍රශ්නයක් නැහැ. එදා වගේම අදටත් අපි ආදරෙන් ඉන්නවා.

 

විවාහ වෙලා වසර 9 ක් වෙලත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

තියෙනවා, තියෙනවා. ඇත්තටම අපි දෙන්න කසාද බඳින කොට අපි දෙන්නට කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. දැන් අපි දෙන්නට කියලා ගොඩක් දේවල් ගොඩ නගා ගෙන තියෙනවා. තිබුණ එකම හීනේ ගෙයක් හදන එක දැන් අපේ ගෙදර වැඩ ඉවරයි. හැමදේම කාලයට භාර දීලා බලාගෙන ඉන්නවා.

 

නදීශා අතුකෝරළ