අමරනාත්ගේ ගිටාර් ප‍්‍රසංග රටපුරා



2017-06-16-ent-09

මෑත යුගයේ ගිටාර වාදනය සම්බන්ධ අලූත් රුචිකත්වයක් සමාජගත කරන්නට සුවිසල් මෙහෙවරක් ඉටු කළ අමරනාත් රණතුංග මෙතෙක් ශ්‍රී ලාංකික ප‍්‍රසංග කලාවට එතරම් හුරු පුරුදු නොවන අලූත්ම වැඩකට අත ගසා ඇති බව දැනගන්නට ලැබුණා. ක්ලැසිකල් හා ෆ්ලෙම්කෝ ගිටාරය විශ්වවිද්‍යාල තෙක් ගෙන ආ අමරනාත් ගිටාර වාදන ප‍්‍රසංගයක් රටපුරා ගෙන යන්නට සූදානමින් එහි පළමු ප‍්‍රසංගය පසුගියදා 17 වැනිදා ආරම්භ කළා. මේ ඔහු සඳැල්ල වෙත පළ කළ ගිටාර් ප‍්‍රසංගය පිළිබඳ තොරතුරු පෙළගැස්මකි.

ගිටාර වාදනය විශ්වවිද්‍යාල උපාධියක් කරා ගෙන ඇවිත් මේ වන විට අවුරුදු 10ක්ම ගත වෙලා. දැන් ක්ලැසිකල් ගිටාරය සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද 34 දෙනෙකු රජයේ පාසැල්වල ක්ලැසිකල් ගිටාර වාදනය උගන්වනවා. ඒ වගේම පුද්ගලික පාසැල් 6කත් මේ සම්බන්ධ ගුරුවරුන් සිටිනවා. අපේ රටට ආගන්තුකව පැවති ක්ලැසිකල් සහ ෆ්ලෙමින්කෝ ගිටාරය මේ වන විට සමස්තලංකා තරග ආදිය තෙක් පැමිණීම සුවිසල් ජයග‍්‍රහණයක්.

 

ගිටාරය සම්බන්ධ එංගලන්ත ටි‍්‍රනිටි පාසලේ විභාග සඳහාත් ඔබේ ගෝලයන් ඉදිරිපත් වෙනවා නේද?

ඔව්. 1, 2, 3, 4 කියන විභාග සඳහා ලංකාවෙන් පසුගිය වසරේ සිසුන් හත්ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. දැන් දැන් නගරයෙන් බැහැරව ගම් පළාත්වලත් ක්ලැසිකල් ගිටාරය ඉගෙන ගන්න පහසුකම් සැලසී තිබෙන්නෙ සෞන්දර්‍ය විශ්වවිද්‍යාලයෙන් මේ පිළිබඳ උපාධි ලත් සිසු සිසුවියන් බොහොමයක් රටු පුරාම විසිරී සිටීමත් ඔවුන්ගේ ගෝල පිරිසකුත් මේ වන විට බිහි වී සිටීම නිසයි.

අදත් මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ විෂය උගන්වමින් එය අප රට තුළ ප‍්‍රචලිත කරන්නට බොහෝ උත්සහ දරනවා. මා රට වටා පවත්වා ගෙන යන මේ සංදර්ශනත් එහි එක් පියවරක්.

ජුනි 17 වැනිදා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ආරම්භ වුනු ප‍්‍රථම සංදර්ශනයෙන් අනතුරුව ඊළඟ සංදර්ශනය පැවැත්වෙන්නේ ජූලි 15 වැනිදා මහනුවර චන්ද්‍රානන්ද ශාලාවේ සවස 6.30ටයි.

අගෝස්තු 26 සෙනසුරාදා සවස 6.30ට කුරුණෑගල වින්ස්වුඞ් සිටි හිදීත් සැප්තැම්බර් 23 දා හලාවත සුදසුන ශාලාවේදීත් සවස 6.30ට මේ ප‍්‍රසංග පැවැත්වෙනවා. මෙහි වාදන ඉදිරිපත් කරන්නේ මා විසින්මයි. ඊළඟ වසරේ පෙබරවාරි මස ත‍්‍රිකුණාමලය සහ ගාලූ කොටුව තුළ විදේශිකයන් වෙනුවෙන් සංදර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මාර්තු මාසෙ සංදර්ශන කීපයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු සංචාරයකටත් එක් වෙනවා.

ක්ලැසිකල් ගිටාරය සහ ෆ්ලෙමින්කෝ ගිටාරය සම්බන්ධ කිසියම් අයෙකුට යම් ගැටලූවක් මතු වුවහොත් 0773475609 වෙතින් එය විමසා දැන ගැනීමට හැකියි.

 

නාලිකා රාජපක්‍ෂ