ශෂිකා නිසංසලාගේ 'වින්දේ නුඹයි'



2017-08-09-ent-12

අද වනවිට බොහෝ සෙයින් එළිදක්වනු ලබන ගීත අතරින් ආදරයට පත් ගීත ඇත්තේ අතලොස්සකි. ශෂිකා නිසංසලා යනු ප්‍රසංග වේදිකාවේ මෙන්ම බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනියකි. ඇය විසින් එළිදැක් වූ නවතම ගීතය වන ‘වින්දේ නුඹයි’ ගීතය අද වනවිට ඉහළම නැරඹුම් වාර්තා අතරට පැමිණ තිබේ. මෙම ගීතය එළිදක්වා දින තුනක් ඇතුළත Youtube ජාලයේ Trending 7 දක්වා පැමිණීමටද සමත් විය.

 

වින්දේ නුඹයි ආදරේ ඇති තරම්

සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්

මා නුඹට දුන් ආදරේ ඒ තරම්

මට වැරදුනේ ඒකමයි මේ තරම්

ඒකයි මේ තරම්

 

මේ පද අද වනවිට සමාජජාල වෙබ් අඩවි තුළ ශීඝ්‍රයෙන් පැතිරයමින් තිබේ. ආදර ගීතයකට සමාජය තුළ පවතින ප්‍රියතාව අමුතුවෙන් පහදා දිය යුතු නොමැත. මෙම ගීතය ජනප්‍රිය වීමට මෙහි ඇති වචන මෙන්ම මියුසික් වීඩියෝවද බොහෝ සෙයින් හේතු වූ බව කිව යුතුය. අද පවතින් මියුසික් වීඩියෝවලට වඩා මෙම වීඩියෝ ඉතාමත් ආදරයෙන් රසික පිරිස වැලඳ ගත් බව පැවසිය යුතුය. එයට හේතුව මේ වනවිට නිරුවත් රැල්ලෙන් පිට නිර්මාණය කරනු ලැබූ මෙම මියුසික් වීඩියෝව මේ තරම් නැරඹුම් සංඛ්‍යාවක් ලබාගැනීමය.

 

නිකුත් වූ දිනය - 2017 අගෝස්තු 03

ගායනය - ශෂිකා නිසංසලා

පද රචනය - රෙරු

සංගීතය - චන්දන වල්පොල

නැරඹූ සංඛ්‍යාව - 103,898