ධර්ම යුද්ධයට මැදි වූ විනුම්



2017-08-10-ent-172

මේ දිනවල තිරගත කෙරෙන ”ධර්ම යුද්ධය” චිත‍්‍රපටය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ චිත‍්‍රපටයක් ලෙස සඳහන් කරන්න පුළුවනි. ප‍්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා සමග විනුමි වන්සදි ප‍්‍රධාන චරිත රඟපාන මෙය පවුලක් වටා ගෙතුණු කතාවකට අනුව නිර්මාණය වූවකි. ”ඒ ගොල්ලන්ට සමහර වෙලාවට අමතක ඇති. ඒත් මට හොඳට මතකයි අපි හතර දෙනාම කැවේ බුරියානි තමයි.” මෙහෙම කියන්නේ මේ චිත‍්‍රපටයේ රඟපාන සචිනි දැරිවියයි. මේ ”සචිනි” ලෙස චරිතයක් රඟපාන ළමා ශිල්පිණිය ටී.වී. නරඹන ළමා පිරිසට නම් අමුත්තියක නොවෙයි. වසර 7ක්ම ඇය සිරස ”කිඞ්ස් ෆර්ස්ට්” සමග ආලින්දයට පැමිණීම ඊට හේතුවයි. ධර්ම යුද්ධය චිත‍්‍රපටයේ ”සචිනි” වූ ඇය කවුද?

 

දුවගේ සම්පූර්ණ නම?

2017-08-10-ent-176මම විනුමි වන්සදි සන්දසාගර.

 

ගම?

කැලණිය

 

පාසල් ගැනත් කියමු ?

මම ඉගෙන ගන්නෙ කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකාවේ 9 වැනි ශ්‍රේණියේ.

 

පවුලේ විස්තරත් කිව්වොත්?

අම්මා, අප්පච්චි, මල්ලි සහ මම. ආ එතකොට අපේ ආච්චිවත් මතක් කරන්නම ඕනෑ.

 

කොහොමද ”ධර්ම යුද්ධයට” සම්බන්ධ වුණේ?

සිරස ‘කිඞ්ස් ෆස්ට්’ හිටපු නිසා මෙම චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ගිහාන් මාමා තමයි මාව සම්මුඛ පරීක්ෂණයට යැව්වේ. ඊට පස්සේ අධ්‍යක්ෂ චමත් රාජ් මාමා මාව තෝරා ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ මට මගේ චරිතය ගැන දැන ගන්න ඕනෑ නිසා මම අම්මටයි අප්පච්චිටයි කියලා මේ චිත‍්‍රපටයේ හින්දි සහ දමිළ චිත‍්‍රපට නැරඹුවා. ඒ විදියට තමයි මම සචිනි වුණේ?

 

සචිනි ගැන කිව්වොත්?

ඒ පවුලේ පොඩිම දුව මම. හරිම ආදරණීය පවුලක්. අප්පච්චිගේ අම්මිගෙ සහ අක්කිගෙ ආදරයට මැදිව සිටින ලස්සන පවුලක්. ඒත් එක පාරටම ඒ ලස්සන පවුලට ප‍්‍රශ්නයක් එනවා. හැබැයි ඒ ලස්සන පවුලේ තිබුණු බැඳීම නිසාම ඒගොල්ලො ඔක්කොම ඊට නොබියව මුහුණ දෙනවා. ඒත් අන්තිමට මොකද වෙන්නේ? ඒ ගැන දැන ගන්න නම් මේ ලස්සන චිත‍්‍රපටය පවුලේ ඔක්කොමලා එක්ක ගිහින් නරඹන්න කියලා කියන්න කැමැතියි.

 

මීට කලින් රඟපාල නැද්ද?

”හෝ ගානා පොකුණේ” ළමුන් අතර සිටි චරිතයක් රඟපෑවා. ඒ හැර රඟපාල තිබුණේ නැහැ.

 

ගෙදරට ලොකු දුව වුණාට අම්මා කතා කරන්නේ ”චූටි දු” කියලා නේද?

ඔව් ඉතිං මම තවම පොඩියිනෙ.

 

ෆිල්ම් එකේ වගේම ඇත්තටමත් බුරියානිවලට ආසලූ නේද?

ඔව්. සමහරදාට අඬලා ඉල්ලලත් තියෙනවා. ෆිල්ම් එකේදී නම් මම ආසම දේ ලැබුණා.

 

අම්මා නම් කියන්නේ ”ෆ‍්‍රයිඞ් රයිස්” කන්න ආසයි කියලයි නේද?

ඇයි ඒ විතරක් ද වටලප්පන්, කැරමල් පුඩින්, ෆලූඩාවලටත් ආසයි.

 

කී වැනි පංතියේ ද ඉගෙන ගන්නේ?

නවය වසර

 

මොන වගේ අරමුණක් ද තියෙන්නේ?

විද්‍යා අංශයට තමයි වැඩිපුර ආසා. වෛද්‍යවරියක වෙන්න හරිම ආසයි. ඒ වෙනුවෙන් උපරිම උත්සාහ ගන්නවා.

 

නිසඳැස් ලියන්නත් පුළුවන් නේද?

ඔව්. මම ඒකට හරිම ආසයි. පාසලේ ”චෙස්” ක‍්‍රීඩිකාවක ලෙසත් කටුයතු කරනවා. විනෝදාංශයට මුද්දරත් එකතු කරනවා මල්ලියි මායි දෙන්නම.

 

මොනවටද වඩා දක්ෂ කියලා හිතන්නේ?

නිවේදන කටයුතුවලට හරිම ආසයි. පාසලේදී කථික හා විවාද තරගවලට සහභාගී වෙනවා. කථික තරගවලට යන්න හරිම ආසයි.

 

පංතියේ වැඩ හොඳට කරනවාද?

ඉගෙනීමට තමයි මුල් තැන. මේ දිනවල වාර විභාගය. මට ටිකක් සනීප නැති වුණා. ඉතින් හරිම දුකයි. පාඩම් අතපසු වෙනවට.

 

වෙලාවකට අම්මටයි අප්පච්චිටයි උපදෙසුත් දෙනවලූ නේද?

මට දැනෙන හොඳ දේ ගැන මම ඉතින් අම්මටයි අප්පච්චිටයි කියනවා.

 

සමස්ත ලංකා තරගත් ජයග‍්‍රහණය කරලා තියෙනවා නේද?

ඔව් ඉතිං.

 

ගෙදරින් ඉල්ලීම් එහෙම කරන්නේ ඇයි?

එහෙම නැහැ ඉතිං..... මේ දිනවල නම් ස්මාර්ට් ඔරලෝසුවක් ඉල්ලා තියෙන්නේ. හැබැයි ඉතිං අරන් දෙයි ද දන්නෙ නැහැ. මම කොහොමටත් ලස්සනට අඳින්න පළඳින්න ආසයි. හැබැයි ඒ හැම දෙයකටම වඩා මගේ හිත යොදවන්නේ ඉගෙනීමට. මට මේ චිත‍්‍රපටයට යන්න අවසර දුන්න අපේ විදුහල්පතිනිය සහ මගේ ඉස්කෝලේ ඔක්කෝම ගුරුවරියන්ටත් මගේ පංති භාර ගුරුතුමියටත්, මගේ පාසලේ මගේ යාළුවන්ටත් මගේ ගෞරවය පුදන්නම ඕනෑ.

 

දැන් මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

එදා මංගල දැක්මට ආව වෙලාවේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ මාමලා නැන්දලා මට ගොඩක් ප‍්‍රශංසා කළා. යශෝදා නැන්දා, පබා නැන්දා, නිල්මිණි නැන්දා හරි ෂෝක් පුතේ කියලා කිව්වාම මට ලොකු සතුටක් ඇති වුණේ. ඒ නිසා අපේ අම්මයි අප්පච්චි පවා සතුටු වුණා. දැන් නිවාඩු කාලයේදී යාළුවෝ මේ චිත‍්‍රපටය නරඹලා මට විස්තර කියාවි.

 

පොඞ්ඩක් විතර කේන්තිත් යනවා කියන්නේ.

පංතියේ වැඩයි ඉස්කෝලෙ වැඩයි කර ගන්න කාලෙ මදි වුණාම මල්ලි ඇවිත් කරදර කළොත් ඉතිං ටිකක් තරහා යනවා.

 

විනුම්ට තවත් මොනවද කියන්න තියෙන්නේ?

ඉගෙන ගන්න වයසේදී හොඳට ඉගෙන ගන්න. මම මගේ යාළුවො හැමෝටම කියන්නේ එහෙමයි.

 

 2017-08-10-ent-175 2017-08-10-ent-174 2017-08-10-ent-173