සචිත්‍ර සේනානායක සමිතා එක්ක කරපු අලුත් වැඩේ



​සචිත්‍ර සේනානායක කියන්නේ අප රටේ දක්ෂ ක්‍රිකට් තරුවක්. නමුත් ඔහු ගායකයෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගායනයටත් ඔහු ඉතාමත් දක්ෂකයෙකු බව බොහෝ දෙනා දන්නවා. මේ වනවිට ඔහුගේ නවතම ගීතය වන ‘මරතොන්ඩි දෑතේ’ ගීතය එළිදක්වා තිබෙනවා. මෙහි ඔහුත් සමග ගායනයෙන් සමිතා මුදුන්කොටවුද සම්බන්ධ වෙලා තියෙනවා. මෙහි සංගීත කටයුතු සිදුකරනු ලැබුවේ නියෝ විසින්. වෙනස් රූප රාමු පෙලක් ඔස්සේ මෙහි ගීතය දැක ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. තවත් ක්‍රිකට් තරුවක් වන චාමර කපුගෙදර මෙහි රංගනයෙන් දායක වෙනවා.