බොස්ටන් නුවරදී හමුවූ නෙහාරා



2017-08-11-ent-06


නෙහාරා සහ මේනක මේ දිනවල වෙසෙන්නේ ඇමරිකාවේය. දෙදෙනාගේම වෘත්තීන්ට අදාළව උසස් අධ්‍යාපනය ලබන අතරේ, දෙදෙනාම රැුකියාවලද නිරතව සිටිති. බොස්ටන් නුවරදී මේ දෙදෙනා අපට හමුවූ අතර, ඔවුන් එහි ගෙවන ජීවිතය අතිශය කාර්යබහුල වූවකි. ‘‘රාජකාරි මට්ටමින් කාර්යබහුල වුවත් මෙහි ගත කරන ජීවිතය අපට පීඩනයක් ගෙන දෙන්නේ නැහැ. මොන දේ කළත් ජීවිතයට දැනෙන්නෙ සැහැල්ලූවක්. අපි දෙන්නා වැඩ කටයුතු බෙදාහදා ගනිමින් සහයෝගයෙන් කටයුතු කරනවා. ඇත්තෙන්ම අපි මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස් වගේම සතුටකුත් තියෙනවා.’’

2017-08-11-ent-08මේනක සහ නෙහාරා එහි ගෙවන ජිවිතය ගැන කියන්නේ එහෙමය. මේ මෑතකදී ‘‘චැට් ඇන්ඞ් මියුසික්’’ වැඩසටහන වොෂින්ටනයේදී රූගත කෙරිණ. එම වැඩසටහනටද මේ දෙදෙනා දායකවිණි. නෙහාරා තම සිරුරේ නම්‍යශීලීත්වය ගැන සිතන නිසා ව්‍යායාම්වලද යෙදෙන බැව් පැවසුවාය.

‘‘මම නම් තරමක් මහත් වෙලා, මොකද ව්‍යායාම් ටිකක් අඩුවුණ නිසා. දැන් ආයෙමත් ව්‍යායාම් පටන් ගන්න ඕනෑ’’

මේනක කීවේය.

‘‘මෙහේ වැඩට කියලා කවුරුවත් නැහැ, කවුරුවත් එහෙම බලාපොරොත්තු වන්නෙත් නැහැ. අපි අපිම අපේ වැඩ කටයුතු කරගන්නවා. අපි දැන් ඒ සියල්ලට හුරුවෙලා.’’

නෙහාරා කියන්නේ එහෙමය. දෙදෙනාම එකතු වෙලා තවත් අලූත්ම වැඩකට මුලපිරීමට සූදානමින් සිටින බවද මේනක සඳහන් කළේය. මේ අලූත් වැඬේ මොකක්ද? ඉදිරියේදී ඒ ගැන දැනගත හැකි වේවි.

 

සඳුන් ගමගේ

 

  2017-08-11-ent-07