චිත්‍රපටය තිරයේ දසුන්ගේ පුටුව හිස්



2017-10-10-ent-05

ටීනා ෂනෙල් කියන්නේ දක්ෂ නිරූපිකාවක්. ඇයගේ පළමු චිත්‍රපටය තමයි දේදුනු ආකාසේ කියන්නේ. ඒ ගැන ටීනා මෙහෙම කිව්වා. “දේදුණු ආකාසේ කියන්නේ මගේත් පළමු චිත්‍රපටයයි. ප්‍රියන්ත කොළඹගේත් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය හරහාත් තමයි මට මේ චාන්ස් එක ලැබුණේ.

2017-10-10-ent-06මේකට ලංකාවේ ජනප්‍රිය නිළියන් පනහකට අධික සංඛ්‍යාවක් අතරින් තමයි මාව මේකට තෝරා ගත්තේ. ඉතින් මට හරි සන්තෝසයි මේකට මාව තෝරගත්තාට. ඒකට ප්‍රියන්ත අයියට ගොඩාක් ස්තූති කරන්න ඕනේ. නිරෑපණ ක්ෂේත්‍රය කියන්නේ වෙනස් දෙයක්. රංගන ක්ෂේත්‍රය කියන්නේ වෙනස් දෙයක්. ඒ දෙක ගොඩාක් වෙනස්. ඉතින් මුලදී මගෙත් ලොකු බයක් තිබුණා මට මේ දේ කරන්න පුළුවන් වෙයිදෝ කියලත්. ඒත් හැමෝම මට ලොකු ස්පෝට් එකක් දුන්නා. අපි හමෝම පවුලක් වගේ එකට වැඩකළා. හේමාල් අයියාගෙනුත් මටයි චුලක්ෂිටයි ලොකු ස්පෝට් එකක් ලැබුණා. ඩාන්සින්වලදීත් අපි දෙන්නා වෙනමම රියසල් කළා. ඒ කාලේ හරි සුන්දරයි. සමහර තැන් වැරදුණු තැන් තිබුණා. ඒ හැමවෙලේම ප්‍රියන්ත අයියා කිව්වේ “කමක් නෑ... කමක් නෑ... අපි අලුත් ටේක් එකක් ගමු.* කියලයි. ෆිල්ම් එකේ හැම තැනකදීම මට ජීවිතේ අලුත් අත්දැකීමක් එකතු වුණා. මගෙයි හේමාල්ගෙයි අනතුරක් වෙන සිදුවීමක් තියෙනවා. ඒක කරද්දී මම හරියට බයවුණා. ඒක රිය අනතුරක් නිසා සමහර වෙලාවට මමම හයියෙන් කෑ ගහනවා. ඉතින්... ඒ තරමටම මට ඒක අමතක වෙන්නේ නෑ...”

“දේදුණු ආකාසේ” ඔය රිය අනතුර ගැන ටීනා එහෙම කියන නිසාම ඒ රෑගත කිරීම් ගැනත් කිව යුත්තක් තියෙනවා. මේ ගැන රෑගත කිරීම් කළේ හැඳළ වැලිකන්ද ප්‍රදේශයේ. රෑගත කිරීමේදී සමුද්‍ර පදවන රිය ලොරියක හා ගැටෙන දර්ශනයක් රෑගත කිරීම් කරනවා. ඒ සඳහා ලොරි රියදුරැ වෙනුවෙන් නළු චරිතයක් යොදාගත්තේ නෑ. ඒ වෙනුවෙන් ලොරි රියදුරෙක්ම තමයි යොදා ගත්තේ. පළමු දෙවන ටේක් දෙකේම ලොරිය වේගයෙන් ඇවිත් වේගයෙන් පැමිණි සමුද්‍රගේ රිය අසලම නතර කරනවා. ඒ අධ්‍යක්ෂකට වේලාව තීරණය කරගන්නටයි. අධ්‍යක්ෂකගෙන් විධානය ලැබුණා. වේගයෙන් පැමිණි ලොරිය සමුද්‍රගේ කාරයේ වේගයෙන් ගැටුණු අාකාරයට දැඩි අලාභහානියක් සිදුවුණා. මේ දර්ශනය ඉතා තාත්විකව ගන්නට ප්‍රියන්තට තිබූ ඕනෑකම අද චිත්‍රපටය දකිද්දී ඔබටත් දැකිය හැකිවේවි.

“දේදුණු ආකාසේ” නිර්මාණයේ නර්තනය මෙහෙයවනු ලබන්නේ ගයාන් ශ්‍රීමාල්. මේ චිත්‍රපටයේ එක තැනකදී නර්තන අතරතුර එක්තරා නර්තන ශිල්පිනියක් උස් තැනකින් බිමට වැටී දරැණු අනතුරකට මුහුණ දෙනවා. සියල්ල සූදානම්. ශිල්පියා එම නර්තන ශිල්පිනියව ඉහළට ඔසවා අල්ලා ගන්නට යාමේදී අතරතුර පහළට වැටීමක් පිටපතේ ලියවිලා තියෙනවා. නමුත් රෑගත කරන්නට යාමේදී ඇත්තටම ඇය පහළට වැටී ජීවිතය අනූ නමයෙන් බේරාගන්නට අසල සිටි කිපදෙනෙකුට හැකිවීම ඇගේ වාසනාවක්. නැත්නම් රංගනයක් නොවී එම අනතුර සැබෑවක් වන්නට බොහෝ ඉඩකඩ තිබුණා. හේමාල්, චුලක්ෂි, ටීනා මෙන්ම ජයලත් මනෝරත්න, මීනා කුමාරි, ශ්‍රියානි අමරසේන, බිමල් ජයකොඩි වැනි බොහෝ ප්‍රවීණ නිර්මාණවේදීන් මෙම සිහිනය දකින්නට දායක වුණා. විහඟිගේ ආදරණීය පියා ලෙසින් රඟපාන්නේ ජයලත් මනෝරත්න. වරක් විහඟිට කම්මුලට ගැසීමේ දර්ශනයක් රෑගත කිරීමට සිදුවුණා. මෙය තාත්විකව ගන්නට අධ්‍යක්ෂකට අවශ්‍ය වුණා. ඒ සඳහා ඇත්තටම විහඟිට කම්මුලට ගසන්නට උපදෙස් ලැබුණා.

“කමක් නෑ... ගහන්න...” චුලක්ෂි ද ඒ සඳහා සූදානම්. ජයලත් මනෝරත්නයන්ගෙන් වේගවත් කම්මුල් පහරක් චුලක්ෂිට යොමුවුණා. චූලක්ෂිගේ ඇස්වලට කඳුළු පිරැණා. නමුත් අධ්‍යක්ෂක සෑහීමකට පත්වුණේ නෑ.

“ඊළඟ පාර තව හයියෙන් ගහමු.”

ජයලත් මනෝරත්නයන් අකමැත්තෙන් වුවද නැවතත් වේගයෙන් කම්මුල් පහරවල් චුලක්ෂිට ගැහුවා. අධ්‍යක්ෂ “කට්” කීවා. ඔහු සෑහීමකට පත්වුණා. මනෝරත්නගේ අතේ ඇඟිලි පහරවල් චූලක්ෂිගේ කම්මුලේ අපූරැවට සටහන්ව තිබුණා. ඇස්වල හිර වී තිබුණු කඳුළු කම්මුල් පුරා ගලා ගියා. “අනේ දුවේ... මම කවදාවත් මගේ දරුවෙකුටවත් ගහලා නෑ...” මනෝරත්නලේ ඇස්වලත් කඳුළු. ජයලත් මනෝරත්නයන් චුලක්ෂිගෙන් සමාව ඉල්ලුවා. නමුත් චුලක්ෂිට ද ඕනවුණේ අධ්‍යක්ෂකට මෙන්ම තාත්වික රංගනයක්.

 

2017-10-10-ent-04 2017-10-10-ent-07