නිරුවත පෙන්වලා ජනප්‍රිය වෙන එක නෙමෙයි මගේ හැකියාව



  2017-10-10-ent-09

නිරූපණ ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වන නයනතාරා වික්‍රමසිංහ අද "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. දැනට ගීත රූප රචනා හරහා නිතර දකින ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළින් දිගු ගමනයක් යන්න අපේක්ෂා කරමින්ද සිටියි. ඒ පිළිබඳව හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඇය මෙළස අපට අදහස් දැක්විය.

 

නයනතාරා වික්‍රමසිංහ කියන්නේ?

2017-10-10-ent-10නිරූපිකාවක්. නමුත්, තවමත් ක්සේත්‍රයට ආධුනික කෙනෙක්. මේ දිනවල ගොඩක්ම මගේ නම ජනප්‍රිය වෙලා තියෙන්නේ මෑතකදී එළිදැක්වු ගීත රූප රචනා කිහිපයක් නිසා.

 

නීරුපන ක්ෂේත්‍රයට යොමු වන්නේ ඔබ?

පාසල් අවධියේ බඳලාම මට ලොකු ආසාවක් තිබුණා නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන්න. රූපවාහිනි නාලිකාවල තිබුණ අවුරුදු කුමරි තරගවලට ඉදිරිවෙලා ජයග්‍රහණ ලබාගත්තා. ඒ හරහා තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න මාවත විවිර වුණේ.

 

නිරුපණයට යොමු වෙන්න හේතුවක් තිබුණද?

ෙඔව්, උදාරි අක්කා නිරූපිකාවක් විදිහට වැඩ කරනවා දැකලා තමයි මට ඒ අංශයට යොමු වෙන්න හිතුණේ. පාසල් අධයාපනය නිමාවත් එක්ක නිරූපණය පිළිබඳව හැදූරීම් කළා. හැදෑරීමකින් පස්සේ තමයි මම ක්ෂේත්‍රයට අවතිර්ණ වුණේ.

 

වර්තමානයේ නිර්මාණය වන ගීත රූපරචනාවලට ඔබටත් ආරාධනා ලැබුණද?

නිරුවත් දර්ශන ඇතුලත් ගීත රූප රචනාවලට නම් මම දායක වෙන්නේ නැහැ. මොකද නිරුවත පෙන්වලා ජනප්‍රිය වෙන එක නෙමෙයි මගේ හැකියාව. මට ඊට වඩා මගේ හැකියාවන් රංගනය තුළින් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳ වැදගත් නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම මගේ දායකත්වය මම ලබා දෙනවා.

 

අඩුවයසකින් ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

ඇත්තටම නිරූපණය කියන්නේ හොඳ කලාවක්. අපි හරියට මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළොත් ලොකු ගමනක් යන්න පුළුවන්.

 

කාර්යබහුල ජීවිතයක් එක්ක නිරූපණයට සම්බන්ධ වෙන්න ඉඩක් ඔබට තියෙනවාද?

ඔව්, නිසි කළමණාකරණයකින් තමයි මම නිරූපණ වැඩ භාරගන්නේ. දැනට ගීත රූප රචනා කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ වගේම රූප රචනා වගේම ටෙලි නිර්මාණ සඳහාත් දායක වෙන්න අවස්ථාව දැන් මට ලැබිලා තියෙනවා.

 

නිරූපණය රැකියාවක් කරගන්නද අදහස?

නිරූපණය කියන්නේ කාලයත් එක්ක වෙනස් වන දෙයක්. දිගටම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න නම් අදහසක් තියෙනවා. නමුත්, බොහෝ විට එය මගේ වෘත්තිය නොවේවි.

 

උදව් කළ අය?

මගේ අම්මා, තාත්තා, ගෙදර අය, මගේ රසිකයෝ. දෙව්මින් අක්කි, විශේෂයෙන්ම ධනන්ජය රූපසිංහ අයියා. මේ හැමෝම මට ලොකු ශක්තියක් වුණා. හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා.

 

2017-10-10-ent-08