ගිය අවුරුද්දේ තමයි අපි දේදුනු ආකාසේ රූගත කිරීම් කළේ



 2017-10-10-ent-12

"දේදුණු පාට තැවරැණු ජීවිතේ කැඩපත වූ දේදුණු ආකාසේ" - ප්‍රියන්ත කොළඹගේ එයාගේ චිත්‍රපටයට දීලා තිබුණු ආමන්ත්‍රණය තමා ඒ. ආදරයේ හෘද සංවේදී කතා තේමාවක් ප්‍රස්තුත කරගත් දේදුණු ආකාසේ, සිනමා ආකාසයේ අමාවකට ඇත්තටම දේදුණු පාටක් අරන් එනවද නැද්ද කියලා ඔයාම විනිශ්චය කරන්න. එහෙම කීවේ ඒ දේදුන්න ආකාසයේ පායන්නත් ඉස්සර ඒ පාට ගැන අපට හිතුණ, දැනුණ ඇත්තම කියන්න - සුදු-අළු-කළු ගැන කියන්න තවමත් කල් වැඩි හින්දා. දේදුනු ආකාසේ බලන්න ගිය දවසේ අපට හේමාල් රණසිංහ මෙහෙම කිව්වා.

2017-10-10-ent-11“දේදුණු ආකාසේ චිත්‍රපටය ප්‍රියන්ත කොළඹගේ මහතාගේ නවතම අධ්‍යක්ෂණයක්. ඒක පවුලේ හැමෝටම එකට ඉඳගෙන නැරඹිය හැකි හරි අපූරු නිර්මාණයක්. ප්‍රියන්ත අයියා මට මේ චරිතයට කතා කරද්දී ඒ පිටපත දකිද්දී ඇත්තටම ඒක හොඳ නිර්මාණයක් වෙන බව මම තේරුම් ගත්තා. අනික එහි සහය අධ්‍යක්ෂණය කළේ ඩෝනල්ඩ් ජයන්තයන්. ඉතින් ප්‍රියන්ත අයියත් ඩොනල්ඩ් අයියත් නිසා මම මේක බාරගත්තා. ගිය අවුරුද්දේ තමයි අපි මේ නිර්මාණය රූගත කිරීම් කළේ. ඒ කාලය හරි සුන්දර කාලයක්. හැමෝම ටීම් වර්ක් එකක් විදිහට මේ වැඩේ කළා. අද ඒක හරි ලස්සන අපූරු නිර්මාණයක් වෙලා තියෙනවා. ඒ ගැන හරි සතුටුයි.

හේමාල් කතාවේ හැටියට සමුද්‍ර. සමුද්‍රගේ ජීවිතේ මුල් කාලයේදී සමුද්‍ර ටිකක් සෙල්ලක්කාර චරිතයක්. නටන්න දක්ෂ විසේකාරයෙක් වගේම මනමාලයෙක්. ඉතින් සමුද්‍ර ගතකරන ඒ විසේකාර ජීවිතේ අතරේදී ඒ කැම්පස් එකේම ඉගෙන ගන්න ඒ විතරක් නෙමේ එකට නැටුම් නටන තවත් ගෑනු ළමයි දෙන්නෙක් සමුද්‍රට මුණගැහෙනවා. ඒ තමයි විහඟි සහ පවනි.

දේදුණු ආකාසේ සිනමා සිත්තමේ හීන දකින්නට ආස කරන විහඟිට පණ දෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ දී බොහෝ දෙනා හඳුනන චුලක්ෂි. හැබැයි ඉතින් නිරූපණ ක්ෂේත්‍රයට අමුත්තියක් නොවුණට සිනමාවට නම් චුලක්ෂි කියන්නේ අමුත්තියක්.”