කිතුල තේමා කරගෙන සුරවිමනක් සොයා ඇදෙන හිරිමල් තරුණයා



2017-10-12-ent-16  

යොවුන් ආදරය චමත්කාරය. ඒ ආදරය සෙනෙහස් ජීවිතයේ විවිධ අවස්ථාවන්හි විවිධ ස්වරූපයෙන් පෙනීසිටියි. ආදරයත් ,සෙනෙහසත් තම ස්වාමියා කෙරෙහි භක්තියත් කැටිකොට ඔහුගේ සෙවනැල්ල සේ රැ‍‍‍‍‍‍ මින් නිවසින් පිටව යන සිය ස්වාමියා නැවත ගෙපැලට එනතෙක් දෙගිඩියාවෙන් බියෙන් හා වෘත්තියේ ඇති අවදානමත් සිතමින් තම දරුපැටියා තුරුලුකරගෙන ඔහුගේ අස්වැසිල්ලක් ලබන්නට නොඉවසිල්ලෙන් සිටින්නීය. මෙවන් ආදරයක් කැටිවුන ජීවිත සමාජයේ කොතෙකුත් දැක ඇත. එහෙත් අතුරේ ගොස් තම දිවිය සරිකරගන්නා ගැමි යුවලකගේ අගහිඟකම් දුක්ක දෝමනස්සයන් දෝතට තුරුළුකරන් ඒඅතරින් සුරවිමනකට යන්නට කරන අහිංසක ප්‍රාර්ථනයක් මේ යුවලගේ ජීවන චරිතයනට වස්තුබීජය කරමින් අපූරු ගීවැලක පද අමුණන්නට වූයේ සබරගමු සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ විද්‍යාර්ථියෙකුවූ තරුණ අංකුර කලාකරුවකි .

2017-10-13-ent-44ඔහු නමින් සවින්‍ද්‍ර මධුෂාන් කොඩිකාරය. විද්‍යාවට බරව අධ්‍යාපනයට යොමුවුනත් කුඩාකල සිට කලාවට යොමුවුන සිත අතනොහැරම ඔහුට හුමුවුණ බොහෝදේ එක්රැස් කරමින් පත් ඉරුවක ලියන්නට පුරුදුවූ ඔහු කලා ලොවට පිළිපන්නේ ඒවා කවි ඇසින් අකුරු අමුණා සිය පළමු නිර්මාණය ලෙසින් මා කවිසිත නම් වූ කාව්‍ය සංග්‍රහය තුළින් කළ එළි බසිමිනි. සොඳුරු ඉසව්වක් වූ සිංහරාජය පිහිටි කුඩව නම් වූ ගම්මානය නිජබිම් කරගත් මේ තරුණයා සිය දෑස්මානයේ නිතර දැවටුන අපුරුවූ එහෙත් දුෂ්කරවූ ව්‍යායාමයක යෙදෙන කර්මාන්තයක් කෙරෙහි ඇස යොමන්නටත්, එහි දුෂ්කර බව රසිකයා වෙත පිරිනමන්නටත්, සුන්දර මෙන්ම සිහින් උපහාසයක්ද කැටිවුණ අර්ථයකින් යුතුව කළ අපූරුතම ගීත නිර්මාණයකි. එය මෙතෙක් ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳව ගීතයක් නොලියවුන තේමාවකි. කිතුල් පැණි හා හකුරු කර්මාන්තය ඔහු ඉපදුණ හැදුන වැඩුණ ගම් පියසේ බොහෝ පරසිදුව කෙරුණ කර්මාන්තයකි. එහෙත් සුවිසල් කිතුල් ගස්මුදුන්වල සීරුවට හැරෙන් හැරයට ගොස් මදිනා කිතුලෙන් තෙලිදිය ‍වෑහෙන වේගයට වඩා සැරෙන් ඔහු ගත හැලෙනා දහදිය කඳුල වැඩිබව ඔහුපෙන්වා දෙන්නේ එහි වූ උගහට බවය. දුෂ්කර බවය.

මිනිස් පුළුටක් නෙපෙනෙන ලැහැබතුල කිතුල මදිනා ආදරවන්තයා යළි ගෙතුලට පැමිණෙනා තුරු මගබලන දයාබරිය සුසුම් හෙලමින් සියදරුවා ඇකයෙහි ඇතිව හිඳී. පැලට ආවිට වෙහෙස නිවෙනු වස් කලින් තැනූ හකුරුකැටයක් සමග කහට කෝප්පයක රස බලන්නට සිය රන්කඳවන් සැමියාට අවස්ථාව සලසන්නේ අනුපමේය වූ දයාවකිනි. සෙනෙහසකිනි. සැමියාගේ ගතේ වීරියෙන් වෑහෙන තෙලිදිය පොලිකටු පිරී ඉතිරී හකුරුබවට පත්වෙන විට සිත සතුටින් පිනායන බවසයි. දුම්කකා හකුරු සදමින් ඒවා විකුණා එකතුකර ගත් කාසි පොදි බැදගෙන සුරවිමනක් කරා යන්නට කථාකරනුයේ සියුම් උපහාසයක්ද කැටිවය.

මේ ගීතයේ රචකයා වූ මධුෂාන් මේගී තයට පාදකවුන තේමාව පිළිබඳව කීවේ මෙවන් කථාවකි. “ මාකුඩා කල සිටම මේ අත්දැකීම මට ඇස ගැටුනා. කිතුල් මදිනවා යනු බොහෝ වෙහෙසකර හා දුෂ්කර කටයුත්තක්. නගරබදවල කිතුල් හකුරු පැණිවල රස වින්දට ඒ අයඒවා හදන්නට ගත් මහන්සිය දුක දන්නේ නෑ. මිනිස්සු නොදැකපු පැත්තක් සමාජයට එළිය දැක්වීම මෙම ගීතය නිර්මාණයට අරමුණුවුනා. ”

මෙම ගීතය සඳහා රූපරචානාවක් ද සිදුකර තිබීම විශේෂත්වයකි.

සවින්ද්‍ර මධුෂාන් කොඩිකාර ගීත පදරචනය හා නිෂ්පාදනය එක්ව ඇති අතර සංගීතය හා තනුව යූ. රංග වීරසේකරගෙනි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් තුළින් බිහිවූ ගායිකාවක් වන කමනි ලසන්තිකා ගායනයට එක්වේ. හේෂාන් ඩොන් රූපරචනයෙන් සහාය වන අතර එස්රාජ් වාදනය සබරගමුව සරසවියේ තෙවන වසර හෂිනි රුක්ෂිකා සහ බටනලා වාදනය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රසාද් අරුණ සම්පත් ගෙනි. චරිත නිරූපණයෙන් නන්දන අරුණ සම්පත් හා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා හා භෂා පීඨයේ නුවන්ති පමුදිනී සහායවේ.

 

යම්ද සුරවිමනක් සොයා2017-10-12-ent-18

උදේ හවහා දිවිය දියකොට

කුසය පුරවන නියාවෙන්

හැරෙන් හැරයට දෙපාවාරුව

ගන්ට පින්කඳ සීරුවෙන්...

 

රූස්සයි තුරුමුදුන බිම සිට

මා සිතට සෝ ගිනි දැවෙයි

මලෙන් වෑහෙන කඳුල පරදා

ගලයි දහඩිය ඔබෙ ගතින්

මිනිස් පුළුටක් ‍නොරැඳි ලැහැබෙන්

නික්ම එනතෙක් නෙතු අයා

සුසුම් හෙලමින් බලා උන්නමි

සිඟිති පුතු ඇකයේ හොවා...

 

පැලට ආ කල මගේ රන්කඳ

ගිමන නිවනා මුවා ‍වෙන්

කහට බෝයක් බොන්ට දුන්නෙමි

රහටියා කැටයක් සපා...

 

ගතේ වීරිය සිතේ සොම්නස

පිරෙයි පොල්කටු ඉතිරිලා

දුම් කකා ගත් කාසි පොදි බැඳ

යම්ද සුරවිමනක් සොයා...//

 

තාරුණ්‍යය අබියස රැඳුණු අංකුර කලාකරුවාට තවත් බොහෝ දුරක් අතුපතර විහිදුවා සවි ගෙන මග ගෙවා කලාකෙත අස්වද්දනට සුබපැතුම්

 

සවින්ද්‍ර මධුෂාන් කොඩිකාර -ගීතරචක

හේෂාන් ඩොන්-රූපරචනය

ගායනය - කමනි ලසන්තිකා

සංගීතය හා තනුව යූ රංග වීරසේකර .

චරිත නිරූපණය- කුඩව නන්දන අරුණ සම්පත් හා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ නුවන්ති පමුදිනී බෙලිහුල්ඔය එස්.රත්නායක

 

2017-10-12-ent-17