සීමා නෑ ආකාසේ චිත්‍රපටය ෆැන්ටසියක්



2017-12-05-ent-36

"අද සිදුවිය යුතු මූලික දෙයක් තමයි සිනමාහල් අලුතෙන් ඉදිකිරීමට පහසුකම් සැලසීම. මොකද යම් චිත්‍රපටයක් වැඩි සිනමාහල් ප්‍රමාණයක, වැඩි දර්ශන වාර සංඛ්‍යාවක කෙටි කාලයක් වුණත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් එම චිත්‍රපටය ආර්ථික වශයෙන් ලාභ ලබනවා"

මෙසේ තම අදහස් දක්වන්නේ දැන් තිරගතවන 'සීමා නෑ ආකාසේ' චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිහාල් බණ්ඩාර මහතාය. තවදුරටත් තම අදහස් දක්වන ඔහු මෙසේද ප්‍රකාශ කරයි.

“ලෝක සිනමාවේ ඩිජිටල් තාක්ෂණයත් සමග අද පිටපත් 2000කට අධික සංඛ්‍යාවක් එකපිට ලොව පුරා ප්‍රදර්ශනය වෙනවා. ඒවායේ දින 100 ඉලක්ක නැහැ. ඔවුන් ගණනය කරන්නේ චිත්‍රපටය ලද ආදායමයි.

එම තත්ත්වය මෙහෙම ආදේශ කරන්න බැහැ. යම්කිසි නිෂ්පාදකවරයෙක් තීරණය කළොත් ලංකාවේ සිනමාහල් 100ක තම චිත්‍රපටය එකවිට ප්‍රදර්ශනය කරන්න, එවිට අනෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බැරි වෙනවා"

 

'සීමා නෑ ආකාසේ' චිත්‍රපටය නිර්මාණය කෙබඳුද?

2017-12-05-ent-38පුබුදු චතුරංග මගේ අසල්වැසියෙක්. මා විසින් ලියා තිබූ 'සීමා නෑ ආකාසේ' තිර පිටපත දැකලා ඔහු තමයි මාව මේක චිත්‍රපටයක් කරමු කියලා උනන්දු කළේ. පුබුදුගේ මිත්‍ර‘යෙක් විදියට තමයි නිෂ්පාදක තිස්ස බාලසූරිය ආරච්චි මහතා මම හඳුනාගන්නේ. මෙහි රූගතකිරීම් දවස් 40කට ආසන්න කාලයක් සිදුවූයේ කොළඹ පරිසරයට ආසන්න ප්‍ර‘දේශවලයි.

පළමු රූගතකිරීම අසාර්ථක වුණා. අපි එකතුකරගත්ත කැමරා ශිල්පියා අලුත් කෙනෙක්. ඔහුගේ නොදැනුවත්කම් හරහා තාක්ෂණික දෝෂවලට අපට මුහුණපාන්න වුණා. එම මුල් දවස්වල රූගත කිරීමෙන් අපට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් අපතේ ගියා. පස්සේ අපි අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සම්බන්ධ කරගත්තා. එතැන් සිට චිත්‍රපටය නිර්මාණයේ අවසානයක් දකින්න පුළුවන් වුණා"

 

සීමා නෑ ආකාසේ කෙබඳු චිත්‍රපටයක්ද?

මේ චිත්‍රපට‘යේ මම සාකච්ඡා කරන්නේ තරුණ ප්‍රශ්නයක්. මෙය ෆැන්ටසියක්. සිනමාවේ ඇති මැජික් එක පවත්වාගෙන යන්න මම මෙහිදී උත්සාහ කළා. ජීවිතේ ප්‍රශ්න කළමනාකරණය කරගත හැකියි කියන ප්‍රකාශනය මෙම චිත්‍රපටයෙන් මම ඉදිරිපත් කරනවා.

 

ඔබේ නිර්මාණකරණයේදී යම් අරමුණක සිටිනවාද?

මගේ අතීතය පවතින්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය සමගයි. මම හිතනවා කවුරුන් හෝ යම් කලා කෘතියකට මුදලක් වියදම් කළාම එය නැවත ලබාදීමට අපේ කෘතියෙන් අපි වෑයම් කළ යුතුයි. අද ජනතාව ප්‍රඥාව ලැබීමට පෙර ආශ්වාදය ලැබීමට වැඩි වැඩියෙන් නැඹුරු වෙලා. කවුරු නිර්මාණ කළත් අද දවසේ සමාජයේ සිටින ප්‍රේක්ෂකයා හඳුනාගෙන ඔවුන්ගේ ආකල්පවලට ගැළපෙන අන්දමට නිර්මාණකරණයේ යෙදිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. %සීමා නෑ ආකාසේ^ මම හැදුවේ එම අදහස් හිතේ තබාගෙනයි.

 

ඔබගේ චිත්‍රපට‘යේ වැඩි පිරිස ආධුනික නළු නිළියන් නේද?

අතීතයේ සිනමාවේ තිබූ ජනප්‍රිය නළු නිළියන්ගේ සහභාගීත්වය ආදායම ලැබීමට ඉවහල් වුණාට අද එහෙම නැහැ. වර්තමාන ලෝක සිනමාවේ පවා නළු නිළියන්ගේ ජනප්‍රියභාවයට වඩා චිත්‍රපට‘යේ නිමාව ජනතා අවධානය ලැබීමට වැඩි බලපෑමක් කරනවා කියලා මම විශ්වාස කරනවා.

 

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරු සිංහල සිනමාවට නැවත අවතීර්ණ වීම පිළිබඳව ඔබේ අදහස?

ළඟම රට වන ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනය ගතහොත් එම චිත්‍රපටවල නිෂ්පාදන ක්‍රියාවලියම විධිමත්. ලෝකයේ නිෂ්පාදිත හොඳම කැමරා, හොඳම ශබ්ද උපකරණ අප රටේ තිබුණත් යම් චිත්‍රපටයකට ඒ සඳහා නිවැරදි ශිල්පීන් හා ඒ දේවල් සමග ගැළපෙන නළු නිළියන් ලබා ගැනීමේ යම් ගැටලුසහගත බවක් තියෙනවා. අපේ චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කලබලයක් තියෙනවා. වෙනත් රටවල අවුරුද්දට එක චිත්‍රපටයක් ඉතා හොඳ කැපවීමෙන් නිම කරලා ප්‍රදර්ශනයට යොමු කරනවා. එවැනි ඉවසීමකින් නිර්මාණකරණයේ යෙදීමෙන් සාර්ථක සිනමාවක් අපට ඇතිකරන්න පුළුවන්. ඉන්දියානු අධ්‍යක්ෂකවරු අප රටේ මෑතකදී කරපු චිත්‍රපට ඉතාම හොඳයි. එය එසේ වූයේ ඇයිද යන්න අප අධ්‍යයනය කළ යුතුයි. නැතුව ඒ සම්බන්ධයෙන් හැමදාම මැසිවිලි නැගීමෙන් ඵලක් නැහැ. අපේ සිංහල අධ්‍යක්ෂකවරුන්ගේ භූමිකාව නිවැරදිව සිදු නොවූ විට ඉන්දියානු අධ්‍යක්ෂකවරු ගැනීමට නිෂ්පාදකවරු පෙළඹීම වළක්වන්න බැහැ කියලයි මට හිතෙන්නේ.

 

පද්මකුමා පී. මෙත්තසේන

 

2017-12-05-ent-34  2017-12-05-ent-37  2017-12-05-ent-35