කෙල්ලගෙ කටහඬ ලස්සන නම් බට්ටිච්චා වගේ Talk කරනවා



2017-12-05-ent-39

රොනී ලීච් කියන්නේ කවුරුත් දන්න ගායකයෙක්නේ. ඉතිං එයාට කෝල් කරපුවාම කියන දේ ගැන මෙහෙම කිව්වා.

මම මොකක්හරි වැඩක් කරද්දි මට මගේ වයිෆ් කතා කරද්දිනම් මගේ වොයිස් එක ටිකක් වෙනස් වෙනවා. ඒ වෙලාවට ‘හෙලෝ... ඩාලිං... මම ඔයාට කිව්වනෙ මම වැඩක් කියලා. මට ඩිස්ටබ් කරන්න එපා. පස්සෙ කෝල් කරන්නකො... මම තියන්නම්...’ කියලා මම කියනවා. හැබැයි වැඩක් නැති වෙලාවක වයිෆ් කතා කළොත් ‘ඩාලිං’ කියලා මම එයාට ආදරෙන් කතා කරනවා. ඔන්න දැන් මගේ යාළුවෙක් කතා කරද්දි වොයිස් එක තව විදිහක්. ඒ වෙලාවට මම කතා කරන්නෙ... ‘ආ... මචං... පුදුමයි උඹලට අපිව මතක්වෙලා කෝල් එකක් ඉඳලා හිටලා හරි දෙනවා... ඉතින් මචං.. අපි දවසක හම්බවෙමු....’ ඔන්න දැන් මට ගැහැනු ළමයෙක් එහෙම කතා කළොත්, මූණ පේන්නෙ නැහැනෙ. හැබැයි කටහඬ ලස්සන ගැහැනු ළමයෙක් එහෙම කතා කරද්දි කතා කරන විදිහ ඊටත් වඩා වෙනස්. (බලමුද ඒ කොහොමද කියලා..) ‘ආ... කවුද මේ හෂිනි නේද.. මම හිතුවේ ප්‍රියා කියලා... (වරදවා වටහාගන්න එපා. මේ ඇත්ත නම් එහෙම නෙමේ...) හරියට කටහඬ පුංචි බට්ටිච්චි පැටියෙක්ගෙ වගේ අනේ...’ ගැහැනු ළමයින්ට ඔහොම කතා කළාට ගියපාර ප්‍රසංගයකදි පොල්ලක් තියලා ආයෙත් මේ පාර ප්‍රසංගයකට කතා කරන සංවිධායකවරයෙක්ගෙ ඇමතුමකට මම කතා කරන්නෙ මෙන්න මෙහෙමයි... ‘ආ... කවුද මේ.. තමුසෙද... මීටපස්සෙ මට ඔයාලගෙ ෂෝ ගැන විතරක් කතා කරන්න එපා. කලාකරැවන්ට ඔහොම කරන්න එපා. ඇත්ත කිව්වනම් හරි... එහෙම නැතිව බොරැ කරලා පොලු තියලා ඔය වගේ වැඩ කරන්න එපා...’ එහෙම කතා කරනකොට ඉඳලා හිටලා ඉන්ෂුවරන්ස් මල්ලි කෙනෙක් කතා කරද්දිත් වොයිස් එක තව වෙනස් වෙනවා.

‘හෙලෝ... කොහෙන්ද... මොන ඉන්ෂුවරන්ස්ද.. අනේ මල්ලි මම family ඉන්ෂුවරන්ස් එකක් අරන් තියෙන්නෙ. ගන්න තියෙන හැම ඉන්ෂුවරන්ස් එකක්ම අරන් තියෙන්නෙ. ඒ නිසා ඔය තව සති දෙකකින් විතර කෝල් එකක් දෙන්නකො.. තෑන්ක්ස්...’ ඔන්න ඔ‍ෙහාමයි කියන්නේ.