ඉසුරුගේ චිත්‍රපට පෝලිමක් එන්න තියෙනවා



2017-12-06-ent-05

මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකම දකින ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ වර්තමානය වනවිට බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් කතා කරන තරුණ රංගන ශිල්පියෙකු බවට පත්ව සිටියි. ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ‘දිල්මිණ’ ලෙසත්, ‘පිනි’ ටෙලි නාට්‍යයේ ‘සම්පතා’ ලෙසත් රසික පිරිස් අතර ජනප්‍රියව සිටින ඉසුරු ඉදිරියේදී සිනමාවට පිවිසිමේ සූදානමකින්ද සිටියි. ඒ පිළිබඳව ඔහු ‘සාරවිට’ අපිට දැක්වූයේ මෙවැනි අදහසක්.

මා රඟපෑ චිත්‍රපට 6ක් තියෙනවා ප්‍රදර්ශනය වෙන්න. නම් වශයෙන් කිව්වොත්, සුරංග අල්විස් මහත්මයාගේ ‘කිඩ්නැප්’, අනුරුද්ධ ජයසිංහගේ ‘මා’, සුදේෂ් වසන්ත මහත්මයාගේ ‘ටාසන්’, සුනෙත් මාලිංග මහත්මයාගේ ‘නිදහසේ පියා ඩී.එස්’ හා ඉන්දික මහත්මයාගේ ‘ඉත්තා’ කියන චිත්‍රපට. මේ අතරින් ‘නිදහසේ පියා ඩී.එස්’ චිත්‍රපටයේ මා කරන චරිතය මට ඉතාම වැදගත් එකක්. ඊට අමතරව මා රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ බොහෝමයක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.