'ටිටි' චරිතය නිසා මේ දවස්වල රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා



2017-12-06-ent-08

වසර කිහිපයක් තිස්සේ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන පබසරා මධුෂානි මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියව සිටින්නේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ ‘ටීටි’ ලෙසය. සිය රංගන දිවියේ හැරවුම් ලක්ෂය මෙය බව කියන පබසරා ‘ටීටි’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර ගැන ‘සාරවිට’ අපිට පැවසුවේ මේ අයුරිනි.

මේ දිනවල ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාවේ විකාශය වන චන්දන ධර්මප්‍රියගේ ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ ‘ටීටි’ කියන චරිතය නිසා මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර මම ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා. ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම ටික කාලයක් වුණත්, ප්‍රේක්ෂකයන් අතර මම වඩාත් කතාබහට ලක්වුණේ මේ ‘ටීටි’ කියන චරිතය නිසා. කොටින්ම කියනවා නම් මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය බවට මෙම ටෙලි චරිතය පත්වෙනවා. ‘ටිටී’ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක හැඟෙනවා මම මිනිස්සු අතර මම ජනප්‍රිය වෙලා තියෙනවා කියලා. ඉතින් මම කැමතියි මේ ජනප්‍රියත්වය ඉදිරියටත් පවත්වාගෙන යන්න.