ධනංජයගේ ඉනිමට බුද්ධිකගෙන් ඇගයීමක්



 ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06දා) සමත් වුණා. මෙම තරඟයේදී නොදැවී ලකුණු 119ක් රැස්කිරීමට නවක ක්‍රීඩක ධනංජය සිල්වා සමත් වුණා. ධනංජයගේ මෙම ඉනිම දැක ඔහුගේ හැකියාව අගය කිරීමක් විදියට ප්‍රවීණ කලාකරුවෙකු වන බුද්ධික ජයරත්න තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්..

'ධනංජය මල්ලී, උඹේ  ඉනිම දිහා මම ඊයේ බලන් හිටියා, ඒක මාරයි. ඒ උඹ  100 ගහපු නිසා නෙවෙයි.. මැරිච්ච ආච්චිලා සීයලා වැහිලා වැදිච්ච 100 ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි උඹේ  100 ගැහුවෙ උඹ  කියලා දැනුන නිසයි මේ සටහන තබන්න හිතුණෙ.

ඒ හැම පහරකම තිබුණු විශ්වාසනීය භාවය, පිරිපුන් බව අපිට දැන් ජ්‍යෙෂ්ඨයන්ගේ  පිතිකරණයන් තුළවත් දකින්නට නැති තරම්. උඹ  ඒ අපිට දීපු මහා බලාපොරොත්තුව ඒ ලෙසම තවත් කාලයක් අපි තියාගන්න කැමතියි.

දැන් පිටරටක ක්ලබ් එකකින් උඹට එන ලොකුම ලංසුව ගැන නොහිතා, රටේ තියන සියලුම වෙළෙඳ ද දැන්වීම්වලට ගොස් තවත් තපස්සු භල්ලුක කෙනෙක් නොවී, රට ගැන හිතලා ක්‍රීඩා කළොත් මේ මුළු රටේම අම්මලා තාත්තලාගේ , සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය උඹට ලැබේවි...
උඹට ජය.....!!

Capture