'ඔෂීන්', 'පිස්සු පූසා', 'හා හා හරි හාවා' වැනි නිර්මාණ අදටත් මිනිසුන් අතරේ තියෙනවා



2018-01-09-ent-154

අතුල... අපි මේ කතාබහ ඔබේ ගම්පළාතෙන්ම පටන්ගමු... කියමුකෝ ඒ අතීතය ගැනත්...?

මම උපන්නේ කළුබෝවිල. මගේ තාත්තා කළුතර පැල්පොළ කියන ගමේ වෙද මහත්තයෙක්. මගේ තාත්තාගේ අයියත් වෙද මහත්තයෙක්. මගේ අම්මගේ ගම තමයි කළුබෝවිල. අම්මලා කළුබෝවිල ටිකක් ගම්කාරයෝ විදිහට ප්‍රසිද්ධ වෙලාහිටියා. මගේ අම්මගේ තාත්තා කළුබෝවිල ගමේ ප්‍රකට සමාජ සේවකයෙක්. ඉතින් ඔය පවුල් පසුබිම නිසා පුංචි කාලේ ඉඳන් ගමේ කට්ටිය මාව හැඳින්වූයේ “වෙද මහත්තයාගේ පුතා” කියලයි. තාත්තා නිසා ඒ ගෞරවය පුංචි කාලේ ඉඳන් මට තිබුණා.2018-01-09-ent-155

 

ඉගෙන ගත්තේ මොන පාසලේ ද...?

මම පුංචි කාලේ ඉදන් ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලේ. එක වසර ඉඳන් හය වසර වෙනකන් මාව ඉස්කෝලේට එක්කගෙන ගියෙත් ඉස්කෝලෙන් ආයේ ගෙදර එක්කගෙන ආවෙත් මගේ තාත්තා. එයාගේ බෙහෙත් ශාලාවේ වැඩ නතර කරලා තාත්තා මා වෙනුවෙන් ඒ දේවල් කළා. ඒ කාලේ අපිට ටෙලිවිෂන් තිබුණේ නෑ. ඒකාලේ /L පන්තිය පාස්වෙලා එනකම් ගෙදරින් චිත්‍රපට බැලීම තහනම් කරලා තිබුණා. ඒ කාලේ අපේ රටේ පොඩි ළමයින්ට චිත්‍රපට බලන්න දුන්නේ නෑ. ඒක වරදක් හැටියටයි වැඩිහිටියෝ සැලකුවේ.

 

පාසැලේදී මොනවගේ චරිතයක්ද...?

ඉසිපතන විදුහලේදී බොහෝම හොඳ යාළුවෝ පිරිසක් මට හිටියා. පුංචි කාලේ ඉඳන් මම කථිකත්වයට දක්ෂයි. ඒ කාලේ ඉඳන්ම කතා කිරීමේ හැකියාව මට තිබුණා. ඉස්කෝලේ කථික තරගවලට සහභාගි වුණා.

 

පාසැලේදී වගේම දහම් පාසලේදීත් ඔය කථිකත්වය අතුල තුළින් ඉස්මතු වුණා නේද...?

ඔව්... හරියටම හරි. මම දහම් පාසැල් කීපයකම ඉගෙන ගත්තා. මුලින්ම ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ඉගෙන ගත්තා. ඒක තිබුණේ අපේ ගේ ළඟමයි. ඊට පස්සේ බම්බලපිටිය වජිරාරාමයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මම දෙහිවල උපනන්ද දහම් පාසැලෙන් ඉගෙන ගත්තා. ඒක තමයි මගේ කේන්ද්‍රස්ථානය වුණේ. අපි පුංචි කාලේ ඉඳන් ගමේ පන්සලත් එක්ක බැඳිලයි හිටියෙ. හත්බෝධිය විමලසිරි නායක හාමුරැවෝ ගමේ කොලුගැටව් ටික එකතු කරගෙන “බෝධිරාජ තරැණ බෞද්ධ සංගමය” කියලා සමිතියක් බිහිකරලා තිබුණා. ඒ සංගමේ තරැණයෝ ටික එකතු කරගෙන අපි පන්සලේ හුණු ගෑවා. පන්සලේ අට විසි පිංකමක් පැවැත්වූවා. ඒ පින්කමේදී අපි මුළු පන්සලම සැරසුවා. විවිධ වැඩසටහන් ඒ සංගමයෙන් අපි කළා.

උපනන්ද දහම් පාසැලේදී මගේ කථිකත්වය තවත් වැඩිදියුණු වුණා. දහම් පාසැල් විවාද කණ්ඩායමක් හදලා මම ඒකේ සාමාජිකයෙක් වුණා. නායකයෙක් වුණා. ඒ කණ්ඩායමට කහතුඩුව හාමුදුරැවොයි කුරැවිට හාමුදුරැ‍වොයි ලොකු සේවයක් කළා. අන්තර් දහම් පාසැල් තරගවලදී ජයග්‍රහණ දිනා ගත්තා. ඔය කාලේදී මට සින්දු ලිවීමේ පොඩි හැකියාවක් තිබුණා. මම මුලින්ම අමරසිරි මුණසිංහ මහත්තයාට “කුවේණියේ ඇයි වෙරළට පැමිණි” කියලා ගීතයක් ලියලා දුන්නා. ඒ කාලේ වික්ටර් රත්නායකයන්ගේ “ස” සංගීත ප්‍රසංගය පටන් ගත්තු කාලයයි. ඉතින් අපි හරිම ආසාවෙන් ඒ ප්‍රසංගය බැලුවා. ඒ කාලේ අමරදේවයන්, වික්ටර් රත්නායකයන්, නන්දා මාලනී වැනි අයගේ ගීත අහලා අපි බොහෝ දේ අධ්‍යනය කළා.

 

ඔය කාලේදීම ද වේදිකා නාට්‍යවලටත් අතුලගේ කැමැත්ත ඇතිවුණේ...?

ඔව්... මගේ කළුබෝවිල ගමේ වෙසක් එකට සුරපුරයක්. ඒ කියන්නේ අපේ ගමේ තමයි වැඩිපුර තොරණ් හැදෙන්නේ. ගල්කිස්ස හන්දියේ ඉදන් වැල්ලවත්ත හන්දියට යනකනුත් රෝහල පාරේ ඉඳන් නුගේගොඩ දක්වාත් කොහොමත් තොරණ් දහයක් විතර ඒ කාලේ පෙන්නුවා. වෙසක් නාට්‍ය හයක් හතක් තියෙනවාමයි. ඉතින් ඒ කාලේ නාට්‍යයක් කරනවා කියන්නේ හරිම ලොකු දෙයක්. මම අපේ වත්තේ “සඳරුස් ළමා කවය” කියලා ළමා කවයක් පිහිටුවාගෙන පන්සලේ යාළුවෝ ටිකක් එකතු කරගෙන “භවයක ආසා” කියලා නාට්‍යයක් හැදුවා. ඒක තමයි මගේ මුල්ම එළිමහන් වේදිකා නාට්‍යය වුණේ. එදා ගමේ හැමෝම හරියට අපේ වේදිකා නාට්‍යයට ප්‍රශංසා කළා. ඊට පස්සේ හැම අවුරැද්දකම වේදිකා නාට්‍ය ගණනාවක්ම අපි කළා. ඒවා අතිශය ජනප්‍රිය වුණා. 1989 “දළදා වත” වේදිකා නාට්‍යය කළා. පසු කාලයේදී ඒක නවීකරණය කරලා අපි රෑපවාහිනියෙනුත් පෙන්නුවා.

 

කොහොමද ටයිමහත්තයාගේ මුණගැසීම සිද්ධ වුණේ...?

දෙහිවල උපනන්ද දහම් පාසැලේදී මම ගුරැවරයෙක් විදිහට කටයුතු කරද්දී නායක හාමුදුරැවෝ දරැවන්ගේ නිර්මාණ හැකියවත් වර්ධනය කරලීම මට පැවරැවා. ඉතින් මම ඒ පැවරැණු වගකීම අකුරටම ඉටුකළා. ඒ දහම් පාසැලෙන් දීපිකා ප්‍රියදර්ශනී පිරිස්, රසාදරී පීරිස්, ජයන්ත මුණසිංහ වැනි දක්ෂයන් ඉස්මතු වුණා. ඔය කාලේදී අපේ තාත්තාගේ වෙද කටයුතුවලට උදව් කරපු ගෝලයෙක් මගේ අතට රෑපවාහිනියට ඇතුළත්වීමේ අයදුම්පතක් ගෙනත් දුන්නා. ඒක දාලා 1983 ඔක්තෝබර් මාසේ තුන්වැනිදා මම රෑපවාහිනියට එකතු වුණා. මුලින්ම මඩවල එස්. රත්නායකයන් යටතේ මම වැඩ කළා. මඩවල මහත්තයා එක්ක මම වාර්තා විශාල ප්‍රමාණයක් කළා. ඒ වාර්තා වැඩවලට එතුමාම මම සහයෝගය දුන්නා. ඒ කාලේ චිත්‍රපටවලට කතා සරාංශ ලිවීමේ අවස්ථා තිබුණා. ඒ අවස්ථාව බොහෝවිට ලැබුණේ මට. රෑපවාහිනියේ විවිධ වැඩසටහන්වලට සහයෝගය දෙමින් ඉන්න අතරතුරේදී තොටවත්ත මහත්තයා හඬ කැවීම් ඒකකය පටන් ගත්තා. ටික දවසක් ගියාට පස්සේ ඔය හඬ කැවීම් ඒකකයට ගායක කණ්ඩායමක් ඕන වුණා. තොටවත්ත මහත්තයා මගෙන් “මට සින්දු කියන්න ළමයි ටිකක් හොයලා දෙන්න.” කියලා කිව්වා. මම දහම් පාසැල් දන්න කියන දරැවන් හිටපු නිසා මම ඒ වැඩේ එක පයින් කැමති වෙලා ඒ අයව මෙතනම සම්බන්ධ කළා... ඔන්න ඔහොම තමයි තොටවත්ත මහත්තයාගෙයි මගෙයි හඳුනාගැනීම ඇතිවුණේ...

 

පසුකාලීනව ටයි මහත්තයාගේ හොඳම ගෝලයා වුණේ අතුල නේද...?

පසුකාලීනව තොටවත්ත මහත්තයා “උඹ කැමති ද මගේ ළඟට ඇවිත් වැඩ කරන්න.” කියලා මගෙන් ඇහුවා. ඉතින් ඒ කාලේ මම වැඩ කර කර ඉන්න නිසා මගේ හිතටත් ලොකු දෙයක්. ඒ දවස්වල ඉඳලාම මම තොටවත්ත මහත්තයාට හරි කැමතියි. හැබැයි ඒ කාලේ ඇතුළේ ප්‍රචාරයක් තිබුණා තොටවත්ත හරි සැරයි... බණිනවා... ඒ නිසා එතුමා එක්ක වැඩ කරන්න හරි අමාරැයි කියලා. ඒත්... මම ඒ දේවල් ගැන හිතන්නේ නැතිව තොටවත්ත මහත්තයා සමඟ සම්බන්ධ වෙලා 1985 වසරේදී තොටවත්ත මහත්තයා ළඟට ගියා.

 

ටයි මහත්තයා වෙලාවට වැඩ කරන කෙනෙක් නේද...?

ඔව්... අනේ ඔව්... ඒවගේ වෙලාවට වැඩ කරන වෙන කෙනෙක් තාමත් මම දැකලා නෑ. තොටවත්ත මහත්තයා උදේ පාන්දර පහට වැඩට එන්නේ. ඉතින් ඒ නිසා අපි පහට වැඩට එන්න ඕනේ. ඒ කාලේ ට්‍රාන්ස්පෝට් ඉල්ලනවා බොරැ. ඉතින් හැමදාම කළුබෝවිල ඉඳලා උදේ පාන්දර ගාලුපාරට පයින් එනවා. එතනින් දුර එන බස් එකක නැගලා බම්බලපිටියට බස් එකේ එනවා. එහෙම ඇවිත් බම්බලපිටියේ ඉඳන් රෑපවාහිනි සංස්ථාවට ආයේ පයින් ආවා. රූ නවයට ට්‍රාන්ස්පෝට් එකෙන් හැමදාම ගෙදර ගියා. ඒ කාලේ ටයිප් කරන්න කවුරැත් හිටියේ නෑ. පිටපත් ලිව්වේ අතින්. එහෙම දුෂ්කර කාලයක් “දොස්තර හොඳ හිත” එක්ක ගෙවුණා. හැබැයි ඒ කාෙලදී බොහෝ දේවල් ඉගෙනගත්තා.

 

සංස්කරණ කටයුතු පවා අතුල ඉගෙන ගත්තේත් ටයි මහත්තයාගෙන්ද...?

ඔව්... ඔව්... ඒ හැමදෙයක්ම තොටවත්ත මහත්තයාගෙන් තමයි ඉගෙන ගත්තේ. හොඳම දේ තමයි ලියන විදිහ ඉගෙන ගැනීම. මට ලිවීමේ හැකියාව තිබුණු නිසා තොටවත්ත මහත්තයා එක්ක වැඩකරන්න ඒක ලොකු හයියක් වුණා. ඒ කාලේ දොස්තර හොඳ හිත ලියපු කාලයයි. ඒ කාලේ තොටවත්ත මහත්තයා දොස්තර හොඳ හිත ඉංග්‍රීසි කතාව හරි අපූරැවට සිංහලයට ලිව්වා. ඒක සිංහලයට ලියන්න ගත්ත මහන්සිය තාමත් මට මතකයි. මම හිතන්නේ අද ඉන්න කිසිම පිටපත් රචකයෙක් එහෙම මහන්සිවෙලා නැතිව ඇති. “දොස්තර හොඳ හිත” නාට්‍යයේ එක කතාවක් තිබුණා. “බෑයි කියලා බෑ” කියලා. ඒක ඉංග්‍රීසි කතාව “The Bird Cannt Fly” කියලා. ඒක ලිව්වේ බෑයි කියලා බෑ කියලා. පුංචි දරැවන්ට කිට්ටු නමකින්. “දොස්තර හොඳ හිත” අපේම වුණෙත් ඒකයි. අදටත් මගේ ජීවිතයට වඩාත්ම සමීප වුණු හඬ කැවීමේ නිර්මාණය වෙන්නේ “දොස්තර හොඳ හිත”යි.

 

අතුල... කාටුන් නිර්මාණයකට හඬ කැවීම් ශිල්පීන් තෝරාගන්නේ කොහොමද...?

ඉස්සෙල්ලාම ඒ නිර්මාණය තෝරා ගැනීම වැදගත් වෙනවා. වැඩසටහන් කොච්චර තිබ්බත් වැඩක් නෑ. ඒක අපිට ගැලපෙන්නේ නැත්නම්. අද ලංකාවේ නිර්මාණ තෝරා ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා අඩුයි. හඬ කැවීම් කලාව තොටවත්ත මහත්තයා පටන් ගත්තේ ඉතාම උසස් නිර්මාණවලින්. ඒ අතරේ සිටුවර මොන්තක්‍රිස්තු, මනුතාපය වැනි ප්‍රශස්ථ නිර්මාණවලිනුයි ඒවා පටන් ගත්තේ. ඒ වගේම “මල්ගුඩි දවස”, “ඔෂීන්”, “පිස්සු පූසා”, “හා හා හරි හාවා” වැනි නිර්මාණ අදටත් මිනිසුන් අතරේ තියෙනවා. ව්‍යාපාරයක් විදිහට ලාභ ලබනවාට වඩා තොටවත්ත මහත්තයා මිනිස්සුන්ට හොඳ යමක් දෙන්න හැමවෙලේම උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථක වුණා. අදටත් මේ රටේ හඬ කැවීම් පවතින්නේ එතුමාගේ ඒ නිවැරදි තෝරාගැනීම නිසායි. ඒ මඟපෙන්වීම ඔස්සේ අපිත් නිර්මාණ කරන්න පෙළඹුණා. ඒ අතරින් ඉංග්‍රීසි නිර්මාණය වුණු “බනානා පිජාමා” නිර්මාණය සිංහලට මම හැරෙව්වේ “කෝලිකුට්ටු සහෝදරයෝ” කියලයි. ඒ කාටුන් නිර්මාණය බොහෝ ජනප්‍රිය වුණා.

 

පෞද්ගලික නාළිකාවකින් අතුල රන්සිරිලාල් මහතාට ආරාධනාවක් ලැබුණොත් යනවද? එහෙම නැත්නම් මොනවද ඉදිරි සැලසුම්...?

ඉදිරියේදී සැලසුම් කිහිපයක්ම තියෙනවා. මම මගේ නිර්මාණකරණය නතර කරලා නෑ. එහි ප්‍රකාශන නාළිකාව මොකක්ද කියලා මට අදාළ නැහැ. නමුත් මගේ වැඩිපුරම කැමැත්ත තියෙන්නේ රෑපවාහිනියටයි. රෑපවාහිනියේ හොඳ හඬ කැවීම් ඒකකයක් හදලා මැදිරියත් හදලා “ටයිටස් තොටවත්ත” කියලා ඒ මැදිරියට නම් තබලා රෑපවාහිනිය හඬ කැවීම් අංශයට අවුරැදු දෙකකට වැඩ දීලා තමයි මම රෑපවාහිනියෙන් සමුගත්තේ. ඉතින් මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ කලාවට කැමති අය වෙනුවෙන් “ලංකා ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ ඇකඩමි” නමින් ඇකඩමියක් හැදීම. දක්ෂ ගුරැවරැන් ඒ ඇකඩමියේ උගන්වන්න තීරණය කරගෙන ඉන්නවා. ඊට අමතරව තව බලාපොරොත්තු කිහිපයක්ම සැලසුම් කරගෙන තියෙනවා.

 

Text -Dishani / Pic- Internet

 

2018-01-09-ent-152 2018-01-09-ent-157 2018-01-09-ent-156   2018-01-09-ent-153