දියකිඳුරියක් වුණු ශලනි තාරකා



ශලනි තාරකා කියන්නේ සමාජ වෙබ් අඩවි වල වගේම බොහෝ දෙනා අතර කතාබහ වන චරිතයක් වෙලා තියෙන්නෙ.

ඇය ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාකරන්න ගත්තා.

මේ දිනවල හිරු ටීවී තුළින් විකාශය වන හිරු SUPER DANCER වේදිකාවේ සහ බටහිර අහස ටෙලිනාට්‍යයේ ද ඇයව නිතර නිතර දකින්නට ලැබෙනවා.

මේ අතර 2018 වසරේ ඇය දියකිඳුරියක් ලෙසද පෙනී සිටිනවා. ඒ ජනප්‍රිය ඡායාරූප ශිල්පිණියක් වන රැෆෙල්ලා ප්‍රනාන්දු විසින් ඊයේ දිනයේ එළිදැක්වූ 2018 වසරට නිකුත් කළ කැලන්ඩරයේයි.

එම කැලන්ඩරයේ ශලනි ඇතුළු අපේ රටේ ජනප්‍රිට නළු නිළියන්ගේ ඡායාරූපවලින් සමන්විතයි.

ඒ අනුව සාරංග දිසාසේකර , ධනංජය සිරිවර්ධන , සබීතා පෙරේරා , අංජුලා රාජපක්ෂ , රවීන්ද්‍ර රංදෙනිය , සමනලී ෆොන්සේකා , සුලේඛා ජයවර්ධන , දමිතා අබේරත්න , දිනෙත් ද සිල්වා , නතාෂා පෙරේරා , තිසුරි යුවනිකා යන රංගන ශිල්පීන් මේ සඳහා දායක වෙලා තියෙනවා.

20180111Shalani-1