ඇත්තටම ප්‍රවීනයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා



2018-01-12-ent-01

කසුන් රුහුණගේ මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලි නාට්‍ය ගණනාවකින් ඔබවෙත එන නවක රංගන ශිල්පියෙක්. රංගනයට අමතරව තවත් ක්ෂේත්‍ර ගණනාවකින්ම සිය දක්ෂතා දක්වන කසුන් ‘සාරවිට’ සමග කතාබහට එක්වුණේ මේ ආකාරයෙන්.

 

කසුන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද ?2018-01-12-ent-02

මගේ ගම හම්බන්තොට. මම රංගනයට යොමු වුණේ මීට අවුරුද්දකට විතර කළින්. උසස් පෙළ හදාරලා මම දෙරණ නාළිකාවේ ප්‍රවර්ධන අංශයට සම්බන්ධ වුණා. එතනදි තමයි මට මුලින්ම තිළිණ බොරලැස්ස මහත්මයාගෙන් සිඳූ ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබුනේ. එතනින් පස්සේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යෙයේත් රඟපෑවා. ඊට අමතරව මේ දිනවල විකාශනය වෙන ‘දෙවැනි ඉනිම ටෙලි නාට්‍යටත් රංගනයෙන් දායක වෙනවා.

 

රංගනයට ඔබේ පසුබිම සකස් වෙලා තිබුණේ කොහොමද?

ඔව් මම පාසල් කාලයේ ඉඳලාම වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. ඊට අමතරව පාසල් මාධ්‍ය ඒකකයේ නිවේදන කටයුතු වලට සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම සමීර අයියා අධක්ෂණය කරපු කෙටි චිත්‍රපටියකට රංගනයෙන් දායක වෙලා DSI චිත්‍රපට උළළෙදි ජනප්‍රියම නථළුවා සම්මානය ලැබුණා.

 

නවක රංගන ශිල්පීන්ට ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ කොයිවගේ සහයෝගයක්ද?

ඇත්තටම ප්‍රවීනයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. සමහර වෙලාවට කියලා නොදුන්නත් එයාලගේ රංගනය දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවායින් හරිදේ ඉගෙන ගෙන හොඳ ගමනක් යන්න හැකියාව තියනවා.

 

අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත් ?

මම රංගනයට අමතරව නිරූපන කටයුතුවලත් නිරත වෙනවා. අනාගතයේදි දක්ෂ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම දේශකයෙක් විදියට හොඳ ගමනක් යන්න බලාපොරොත්තුවෙනවා. වගේම දැන් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.

 

මෙතෙක් ආපු ගමනට උදව් කරපු අය ගැන මතක් කළොත්?

මාව දිරිගන්වන මගේ දෙමව්පියන්ව සහ පවුලේ අයත්, තිළිණ බොරලැස්ස මහත්මයා, නිරුක්ෂාන් මහත්මයා, ධනුෂ්ක, ලලිත් සහ සමීර කියන අයියලාත් මට වචනයකින් හරි උපකාර කළ සියලු දෙනාමත් ගොඩක් ගෞරවයෙන් සිහිපත් කරනවා. එයාලාගේ සහයෝගය නිසයි මම අද මෙතන ඉන්නේ.

 

නඳුන් ශ්‍යාමාල්