“නිදහසේ පියා ඩී. එස්.” පුර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමට සුදානම්



සුනෙත් මාලිංග ලොකුහේවාගේ  නවතම සිනමා අධ්‍යක්ෂණය වන “නිදහසේ පියා ඩී. එස්.” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සහ තේමාගීත 70 වැනි නිදහස් දිනට සමගාමිව එළි දැක්වීමට කටයුතු සුදානම් කොට තිබේ.

මෙම සිනමාපටය නිමවා ඇත්තේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ජීවිත කතාව ඇසුරෙනි.

ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිදු දොඩම්තැන්න, පාලිත පෙරේරා, බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, හේමසිරි ලියනගේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීත පද රචනය සිදු කර තිබෙන අතර ගීත ගායනය විශාරද අමරසිරි පිරිස්, සමන්ත පෙරේරාගෙනි.

180111-news-3_large