සුළං කිරිල්ලී විශේෂ දර්ශනයක් පෙබ 15දා



ඉනෝකා සත්‍යංගනී ගේ සිනමා නිර්මාණයක් වන “සුළං කිරිල්ලි” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් පැවැත්වෙන සිනමා කතිකාවේ 2018 වසර පළමු පියවර ලෙස පෙබරවාරි 15 වැනිදා සවස 2 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදය සිදු වේ. කතිකාවතේ දේශකයන් ලෙස භූපති නලින් සහ විදර්ශන කන්නන්ගර සහභාගී වීමට නියමිතය.

දමිතා අබේරත්න සහ ලින්ටන් සේමගේ ප්‍රධාන චරිත නිරුපනය කරන “සුළං කිරිල්ලි” ජාත්‍යන්තර සම්මාන 9 ක් සහ දේශීය වශයෙන් සම්මාන 25 ක් දිනා ගැනීමට සමත් විය.

f40eb5e84bdd53b2a80e299c69e334c7