ලක්ෂ්මන් විජේසේකරයන්ගේ 'සඳ කිණිති නැමී' ප්‍රසංගය මාර්තු 17දා



2018-02-13-ent-04

වෘත්තීය ගායකයකු හා සංගීතඥයකු ලෙස දශක හතරකට අධික කාලයක සිට කටයුතු කරන, ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ‘සඳ කිණිති නැමී’ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය මාර්තු 17 දින සවස 7.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රසංගයට ගීත 25ක් පමණ ඇතුළත් වේ. නිර්මලා රණතුංග, සමිතා එරන්දතී මුදුන්කොටුව, ප්‍රදීපා ධර්මදාස සහ චන්ද්‍රලේකා යන ප්‍රවීණ ගායිකාවන් යුග ගායනයෙන් සහභාගී වන මෙම ප්‍රසංගයේදී ලක්ෂ්මන් විජේසේකරයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිමවූ ටෙලි නාට්‍ය ගීත ගැයීම සඳහා සුනිල් එදිරිසිංහ සහ විශාරද කෝලිත භානු දිසානායක යන ප්‍රවීණ ගායන ශිල්පීහු සහභාගී වෙති. ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරයි.

වැඩි විස්තර 0112 727166 මගින් ලබාගත හැක.