වෙසක් උළෙල නිමිත්තෙන් 'යශෝධරා'



2018-02-13-ent-58

බෞද්ධ සාහිත්‍යගත සිද්ධාර්ථ - යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ චිත්‍රපටය වෙසක් උළෙල නිමිත්තෙන් ලබන අප්‍රේල් 26 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයට අයත් සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතය. ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි විසින් නිෂ්පාදන කරන ලද අතර, මෙහි සමනිෂ්පාදනයෙන් කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී හා චාන්ද්‍රී හපුතන්ත්‍රී දායක වෙති.

පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමග දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි ඇතුළු පිරිසක් දායක වෙති. මෙම චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිරරචනය, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙන් වන අතර, විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්‍ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන්, විශාරද නන්දා මාලනී, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි හා ඉනෝකා අහංගම ගායනයෙන්ද දායකත්වය ලබාදෙති.

එමෙන්ම නර්තන අධ්‍යක්‍ෂණය චන්දන වික්‍රමසිංහගෙන් වන අතර, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරි හේවාවසම් සිදුකරයි. ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන්ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් තිළිණ හෙට්ටිගමගේද මෙම චිත්‍රපටයට දායක වී ඇති අතර, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී. රන්ජිත් කුමාර සහ නිමල් විජේසිරි සිදුකරති.

 

2018-02-13-ent-54 2018-02-13-ent-55 2018-02-13-ent-56 2018-02-13-ent-57  2018-02-13-ent-59