ජාත්‍යන්තර වේදිකාව ලංකාවට ගෙනා අපේ සිංහ නර්ථනය



ලංකාවේ මේ වන විට රියැලිටි වැඩසටහන් රැසක් විවිධ නාලිකා හරහා ක්‍රියාත්මක වෙනවා. මේ රියැලිටි තරඟ අතුරින් ITN youth with talent කියන්නේ ලංකාව පුරා විවිධ දක්ෂතා ඇති තරඟකරුවන් උදෙසා පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක්. SENTRY නර්තන කණ්ඩායම කියන්නේ ITN youth with talent වේදිකාවේ සෑම තරඟ වටයකදීම විශාල පෙරළියක් ඇති කරපු කණ්ඩායමක්. මෙවර ITN youth with talent අවසන් පූර්ව වටයේදී SENTRY නර්තන කණ්ඩායම විනිසුරුවන් මවිත කරපු නර්තනයක් ඉදිරිපත් කරා. විශේෂයෙන් නවීන තාක්ෂණය යොදා ගෙන තිබීම SENTRY කණ්ඩායමේ මෙම නර්තනය තුලදී විනිසුරුවන්ගේ නොමඳ පැසසුමට ලක් වුණා. ප්‍රේක්ෂකයන් පවා මවිත වූ මෙම නර්තනය ලංකාවේ නිදහස හා රණවිරුවන් තේමා කරගෙන තිබුණා. දේශීය සාම්ප්‍රදායික නර්තන ශෛලීන් වෙනස් ආකාරයකින් හා එයට හානියක් නොවන අයුරින් බටහිර නර්තනයන් මුසු කරමින් මෙම නර්තනය ඉදිරිපත් කර තිබීම ලංකාවේ යොවුන් නර්තන ශිල්පීන්ට ආදර්ශයක් වන බව එම නර්තනය නරඹන සැමටම හිතෙන්න පුළුවන්.  

එම වීඩියෝව පහතින්