STARS OF 70'S ඩුබායිහිදී



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රම බළකායේ සහෝදරයන් පිරිසක් විසින් ගොඩනගාගත් ‘සහන’ සංවිධානයට ආධාර පිණිස මාර්තු මස 02දා ඩුබායි ‘ශේක් රෂීඩ්’ ශ්‍රවණාගාරයේදී ‘ස්ටාර්ස් ඔෆ් 70’ ප්‍රසංගය පැවැත්වේ.

මේ සඳහා ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, ක්‍රිස්ටෝපර් පෝල්, එරල් ප්‍රනාන්දු සහ ප්‍රියා සූරියසේන යන ගායන ශිල්පී ශිල්පිනියන් සහභාගි වීමට නියමිතව තිබේ.

මෙම ප්‍රසංගය සඳහා සංගීතයෙන් ‘සුපර් චයිම්ස්’ සංගීත කණ්ඩායම සහභාගි වන අතර, ප්‍රවීණ නිවේදක විජය කොරයා මෙහි විස්තර කථනයෙන් එක්වේ. 2012 වසරේ සිට ක්‍රියාත්මක මෙම සංවිධානය මගින් එරටදී විවිධ අයුරින් අසරණ වන ශ්‍රී ලාංකිකයන් 120කට අධික ප්‍රමාණයකට මූල්‍යමය ආධාර පිරිනමා තිබේ. මෙය එරට ප්‍රජා සංවර්ධන අධිකාරියේ නීත්‍යනුකූලව ලියාපදිංචි වී ඇති එකම ශ්‍රී ලාංකික සුභසාධක සංවිධානයද වේ.

 

2018-02-23-ent-11