උදයකාන්තගේ මධුර චාරිකා මාර්තු 16දා සිට



උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමා නිර්මාණය “මධුර චාරිකා” මාර්තු 16 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. පසුගිය වසරේ නිෂ්පාදන කටයුතු අවසන් කළ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය 16 වනිදා පැවැත්වීමට නියමිත බව පැවසෙනවා. මධුර චාරිකා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගනවේදී හේමසිරි ලියනගේ විසින්. ළමා නළු සුදම් කටුකිතුලේ ඔහු සමග උප ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වනවා. නලින් ප්‍රදීප් උඩුවෙල, මාධනි මල්වත්ත, ඇතුළු තවත් ප්‍රවීණ නළු නිලියන් පිරිසක් මෙහි රංගන දායකත්වය සපයා තිබෙනවා.

Madura-Charika-Movie-poster