සමන් ලෙනින් ගෙන් වෛද්‍ය බී.එම්.සී. දසනායකගේ ගීතයක්



 2018-04-11-ent-165

ඩොක්ටර් දසානායක මගෙ ගෝලයෙක් එයි ඔබතුමා මුණ හැෙඟන්න. එයාට උදව්වක් කරන්න.

බලංගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරි බී.එම්.සී. දසනායකට ඒ දුරකථන ඇමතුම දුන්නේ සබරගමු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සංගීත් රත්නායකය. ඔහු හින්දි භාෂා අධ්‍යයන අංශයේ සේවය කළ අතර සංගීතයට ලොකු ඇල්මක් දක්වන්නෙකි.

ගී පද මාලා සඳහා මනරම් තනු නිර්මාණය කරන්නට ද මියුරු සංගීත නාද රටා වලින් සරසන්නට ද ඔහු දක්ෂයෙකි. ඔහු නිර්මාණය කළ ගී වෙනුවෙන් බොහෝ වර ගී පද මාලා සැපයුවේ ද මේ දොස්තර දසනායකය.

සංගීත්ගෙන් ඇමතුම ලැබී දෙතුන් දොහකට පසුව සබරගමු, සරසවි විද්‍යාර්ථියා දසනායකගේ කාමරය අද්දර සිට ඇමතුමක් දුන්නේය.

‘‘එන්න’’

එතරම් සරු සාර බවක් දැකිය නොහැකි වූ ඒ අහිංසක තරුණයා පළමුවෙන් දොස්්තර දසනායකගේ දෙපා මුල වැඳ වැටුණේය.

‘‘සර් මටත් මෙගෙ කියලා සිංදුවක් කියන්න ආසයි. සංගීත් සර් කිව්වා මෙලඩි එක දාලා දෙන්නම් කියලා. සර්ට පුළුවන්ද මට සිංදුවක් ලියලා දෙන්න.’’

අර තරුණයා ඇසුවේය.

‘‘පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවගේ පදමාලාවක්ද?’’

අර තරුණයාගේ දෑස විකසිත විය. ඔහු බිම බලාගෙන දිගු සුසුමක් පිට කළේය.

‘‘සර් මම කැම්පස් ආවට පස්සේ එක ලස්සන ගෑණු ළමයෙක් දැක්කා. ඒ ළමයගෙ ඇස් දෙක දැකපු හැටියෙම මට මොකක්දෝ දෙයක් වුණා.

හරිම ලස්සනට ඇඳුම් අඳින ඒ ළමයා හරියට සුරංගනාවක් වගේ. ඉතින් සර් මට හිතුනෙම කොහොම හරි සුරංගනාව මගේ කර ගන්න. එතකොට මට මගේ ජීවිතේම දිව්‍ය ලෝකයක් වේවිනෙ කියලා මං හිතුවා. පස්සේ මම ඒ ළමයා එක්ක යාලූවුණා. එයාගෙ කතා කරන ඇස් දෙකක් තිබුණෙ. හිනාවෙන කොට කම්මුලත් චුට්ටක් විතර වල ගැහෙනවා. පුදුම ලස්සනක්. හරියට මලක් පිපිලා වගේ. ළඟ ඉන්න කොට හැමුවෙ සමන් පිච්ච මල් සුවඳක්. කොහොම හරි එයාට ආදරේ කරන්න තරම් මං වාසනාවන්ත වුණා.’’

ඉනික්බිති හිස ඔසොවා වෛද්‍යවරයා දෙස බැලූ අර තරුණයා ඇස්වල කඳුළු පුරවා ගත්තේය.

‘‘ඉතින් පුතා මොකද වුණේ?’’

ඒ කඳුළු වෛද්‍ය අධිකාරිවරයාගේ හැඟීම් සසල කළ බැවින් ඔහු විමසුවේය.

‘‘මම දුප්පත් සර් එයාගෙ ධනයට බලයට කිට්ටු කරන්න මට බැරි වුණා. අන්තිමේදී එයාව වෙන කෙනෙකුට අයිති වුණා. එයා බැන්දා සර්.

දැන් අපි අතරෙ තිබුණු යාලූකමත් නැති වෙලා වගේ. එයා කාර් එකකින්ම කැම්පස් එනවා. ලෙක්චර්ස් ඉවර වුණු ගමන් යනවා. මූණට මූණ මුණ ගැහුනාම යාන්තමට හිනාවෙනවා. එච්චරයි. ඉස්සර කතා කළ ඇස් දෙක දැන් ගොළු වෙලා සර්.’’

අර ඉලන්දාරියාගේ ඇස්වල බෝල වුණු කඳුළු දිය වී විසිරී කම්මුල් දිගේ ගලන හැටි දොස්තර දුටුවේය.

‘‘මං දන්නවා එයා මට ආදරෙයි කියලා. ඒ හින්දම එයාව දකින කොට මට වාවන්නේ නෑ සර්. ඉස්සර දවස්වල ඉර බැහැගෙන යන වෙලාවට අපි දෙන්න ඇවිදින්න යනවා. බීච් එකේදී, මං කී වතාවක් ඒ මූණ ඉඹල තියෙනවද සර්. මට ආසයි ආයෙම ඒ වගේ බීච් එකක තනි වෙලා එයා එක්ක කතා කරන්න. ඒත් මට දැන් ඒකට පින් නෑ සර්. එයා හින්දා දිව්‍ය ලෝකෙට ගිය මං දැන් ඉන්නේ අපායක.’’

ඒ ඉලන්දාරියා කතා කරන්නේම කඳුළු පෙරමිනි. පෙරෙන කඳුළු පිිටි අත්ලෙන් පිස දමමිනි. ඒ අතරට සුසුම් රැුළි ද මුසු කරමිනි.

‘‘මම එයාට තාමත් ආදරෙයි. ඒත් ඒ ආදරේ දැන් මට කියන්න විදිහක් නෑ. මං හිතුව සිංදුවක් කිව්වොත් ඒක සදහටම තියෙයි කියලා. සර්ට පුළුවන් නම් මට ඒ සිංදුව ලියලා දෙන්න සර්.’’

තරුණයා ආයාචනාත්මකව කීවේය.

‘‘හොඳයි මං ලියලා දෙන්නම් ඔයා සතියකින් විතර එන්නකෝ.’’

තරුණයා නික්ම යන්නට පෙර තවත් වතාවක් වෛද්‍ය අධිකාරිගේ පාමුල දණ ගැසුවේය.

තරුණයා පරාජිතයකු ලෙසින් නික්ම යන තුරු බලා සිටි වෛද්‍ය අධිකාරිවරයා සුසුමක් හෙලූවේය.

එදා රැුයේ සේවය නිමවා තම ගෙදර බලා යන විට ඔහු දුටුවේ රෝහල් අහසේ පායා එන සඳයි.

සඳ තරු මල් ගහ කොළ සුළඟ ආදී සෞන්දර්යාත්මක පාරිසරික වස්තූන් යනු ගීත රචකයන්ට මුතු වැලක්ය.

නිසංසල ? වැසුණු සරසවියේ....

දොස්තර දසනායකගේ මුවඟට වචන පෙළක් ගලා ආවේ නිරායාසයෙනි. එදා ගෙදර ගිය ඔහු තම ගීතය ලියා අවසන් කළේය. එය රැුගෙන ගොස් වෛද්‍ය අධිකාරි කාර්යාලයේ තබා තිබුණේ අර මානවකයා පැමිණ එය රැුගෙන යන තුරුය. එහෙත් ඔහු යළි පැමිණියේ නැත.

‘‘මං හිතන්නේ එයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති. ආශාව තිබුණාට සිංදුවක් කරන්න තරම් සල්ලිත් ඒ දරුවා ළඟ නැතුව ඇති.’’

දිගින් දිගටම විස්තර කී දොස්තර දසනායක මා සමග කීවේය.

ඒ මේ කතාවේ පළමු පරිච්ඡෙදයයි.

දෙවැනි පරිච්ඡේදය ඇරඹෙන්නේ විශාරද චමින්ද කුමාර කංකානම්ගේ දොස්තර දසනායක හමුවීමත් සමගය.

 

2018-04-11-ent-164

 

‘‘චමින්ද කියන්නේ අපේ රෝහලේ භක්ති ගී වැඩ සටහනට සංගීතයෙන් දායක වෙන ළමයෙක්. හැම අවුරුද්දෙම අපේ රෝහලේ භක්ති ගීත ප‍්‍රසංගය තියෙනවා. ඒකට හැම අවුරුද්දෙම වගේ මං භක්ති ගීත පහළොවක් විතර ලියනවා.

ඉතින් දවසක් දා චමින්ද ඇවිත් මගෙන් භක්ති ගීතයක් නොවන ගීතයක් ඉල්ලූවා. මම මගේ ළඟ තිබුණු අර ගීතය දුන්නා.’’

සමන් ලෙනින්ගේ ප‍්‍රතිභා සම්පන්න කටහඬින් ගැයුණේ ඒ ගීතයයි.

මේ ගීතය තමන්ගේ කතාව බව අර තරුණයාවත් අර තරුණියවත් දැන ගන්නට හේතුවක් නැත.

කෙසේ වෙතත් මේ ගීතය සමස්ත සරසවි පෙම්වතුන්ගේ ගීතය බව පැවසුවහොත් වරදක් නැත. අද ගීත ඉතිහාසයේ වැඩිම ගීත සංඛ්‍යාවක් ලියැවී ඇත්තේ පේරාදෙණි සරසවිය වෙනුවෙනි. එසේ නම් මේ ගීතය සබරගමු සරසවිය වෙනුවෙන් ලියැවුණු ප‍්‍රථම ගීතය ලෙස සලකුණු කර තබනු කැමැත්තෙමු.

 

ශකුවි.