රූකඩයකට ආරූඩ වූ දේවතාවිය වෛෂ්ණාවි



2018-04-11-ent-184

විටෙක මිනිස් දුවක වන ගැහැනිය තවත් විටෙක දේවතාවියක් බවට පත් වන්නීය. තවත් විටෙක සිත්පිත් නැති රූකඩයක් බවට පත් වන්නේත් එම ගැහැනියමය. ගැහැනුන් පවා පිළි නොගන්නේ වී නමුත් යථාර්ථය එයම නොවන්නේ ද..? වෛෂ්ණාවි මනුෂ්‍යත්වය, යථාර්ථය, මිථ්‍යාව අතර දෝලනය වන එවන් ගැහැනියක පිළිබ`ද අපූරු කතාවක් සහිත සිනමා පටයකි. පසුගිය දා සිය 99 වන උපන් දිනය සැමරූ පුරාවෘත්ත සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ලියන ලද එකම තිර කතාවෙන් මෙය නිර්මාණය වී තිබේ.

රූකඩ නිර්මාණය කරන පුද්ගලයෙක් රුක් දේවතාවන්ට නමස්කාර කර ගසක් කපාගෙන විත් සුන්දර කාන්තාවකගේ රුවක් නිර්මාණය කරන්නේය. ඒ ගසට අධිගෘහිතව විසූ රුක් දේවතාවිය මේ රූකඩයට ආරූඪ වන්නීය. චිත‍්‍රපටිය පුරා දිවෙන්නේ ඉනික්බිතිව ඇයට මුහුණ දෙන්නට සිදු වන සිද්ධි දාමයයි.

‘‘ඔබ ඕනෑම පරාසයක් තුළ ර`ග පාන්න දක්ෂ ශිල්පිනියක් කියලා අපි නොදන්නවා නෙමෙයි.. ඒත් ඇත්තටම මේක සංකීර්ණ චරිතයක්.. රූකඩය, මිනිස් දුව වගේම දේවතාවියගේ චරිතෙත් ර`ග පාන්න පහසු නෑ.. මුහුණින්, ඉරියව්වලින්, හැසිරීමෙන් ඒ ඒ චරිතවල මනෝ භාවයන් සියුම්ව පෙන්නන්න ඕන.. ඒක අභියෝගයක් වුණේ නැද්ද..?’’

වෛෂ්ණාවි ප‍්‍රධාන චරිතයට පණ පොවන සම්මානනීය රංගන ශිල්පිනී යශෝධා විමලධර්මගෙන් මම විමසීමි.

‘‘මගේ දෙමව්පියන්ට පින් සිද්ද වෙන්න මට පුංචි කාලෙ ඉ`දලම අභියෝගවලට මූණ දෙන්න පුරුදු කරලා තියෙනවා.. මේ ලෝකේ දුක්දොම්නස්, පරාජයන් දිරියෙන් වි`ද දරා ගන්නෙ කොහොමද කියලා ඒ අය මට ඉගැන්නුවා.. සමාජගත වුණාට පස්සෙ මම ඒ ඔස්සෙ ජීවිතේ හැඩ ගස්සා ගත්තා.. අනිත් එක මම රූපණය හදාරලා සිනමාවට ආව කෙනෙක්.. දැන් අවුරුදු 32 ක් තිස්සෙ මේ ක්ෂේත‍්‍රයේ ඉන්නෙ.. ඉතින් මොන චරිතයක් වුණත් මට අභියෝගයක් නෙමෙයි.. මම මේ චිත‍්‍රපටියේ වෙනත් චරිතයකටයි තෝරාගෙන හිටියෙ.. ඒත් ආචාර්ය ලෙස්ටර් කිව්වා ඒ චරිතයට ගැලපෙන්නෙ මම කියලා.. කොහොම වුණත් ඔබ කිව්වා වගේ මේක හු`ගක් සංකීර්ණ චරිතයක්.. මොකද රූකඩයක් වෙනකොට මුහුණින් කිසිම මනෝ භාවයක් පෙන්නුම් කරන්න බෑ.. සාමාන්‍ය ගැහැනියට වැඩිය හාත්පසින්ම දේවතාවිය වෙනස් වෙන්න ඕන.. පේ‍්‍රක්ෂකයට දැනෙන්න ඕන මේ වෙලාවේ මෙතන ඉන්නෙ රූකඩය ද, ගැහැනිය ද, දේවතාවිය ද කියලා.. ඇත්තටම හු`ගක් අමාරු වුණා මේ චරිතයට අවතීර්ණ වෙන්න.. ඊට පස්සෙ නම් වෙනසක් දැනුණෙ නෑ.. ආචාර්ය ලෙස්ටර් ගෙ හිතේ මැවුණ වෛෂ්ණාවිට මම සාධාරණය ඉෂ්ට කළා කියලා මම විශ්වාස කරනවා.. මම පළවෙනි වතාවට ඔහුගේ නිර්මාණයකට එක් වුණේ.. ඔහු ලිව්ව පළ වෙනි වගේම එකම කතාවේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්න ලැබීම වාසනාවක්.. මෙහිදී මට සුමිත‍්‍රා පීරිස් මහත්මියගෙන් හු`ගාක් ගුරුහරුකම් ලැබුණා..’’

ඇය පැවසුවේ සදා වෙනස් නොවන අර ලගන්නාසුලූ සිනාව පාමිනි.

‘‘මං දන්න විදියට තුමි`දු දොඩම්තැන්න එක්ක ඔබ ර`ග පාන්නෙ පළ වෙනි වතාවට..?’’

‘‘ඔව්.. දක්ෂ වේදිකා නළුවෙක් කියලා මම ඔහු දැනගෙන හිටියා.. ඒත් එකට ර`ග පාලා තිබුණෙ නෑ.. චරිතයක් නිරූපණය කරද්දී අනෙක් චරිතවල සහයෝගයත් හු`ගක් වැදගත් වෙනවා.. ඒ සහයෝගය මට තුමි`දුගෙන් ලැබුණා.. ඔහුත් මං වගේම රූපණය හදාරන කෙනෙක්.. නාට්‍ය හා රංග කලාව පිළිබ`ද කථිකාචාර්යවරයෙක්.. අපිට පස්සෙ පරම්පරාවේ ඉන්න කුසලතා පූර්ණ ශිල්පීන් අතරේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්.. ඒ හින්දා ඔහු එක්ක වැඩ කිරීම ලොකු පහසුවක් වුණා.. මේ චිත‍්‍රපටියේ තියෙන තවත් විශේෂත්වයක් ගැන කියන්නම ඕන.. මෙහි පුංචි චරිතවලට පවා යොදාගෙන තියෙන්නෙ ප‍්‍රවීන අය..’’

‘‘ඒ කියන්නෙ පුංචි දේටත් ලොකු සැළකිල්ලක් දක්වලා නිර්මාණය කරපු චිත‍්‍රපටියක්..’’ මම මටම කියා ගතිමි.

යශෝධා හැමදාමත් ර`ග පෑවේ එකකට එකක් වෙනස් චරිතය. සූරිය දරුවෝ, සෙනෙහෙවන්තයෝ, වැනි ටෙලි නාට්‍යවල අහිංසක පෙම්වතියගේ චරිතය නිරූපණය කළ ඇය ගිගිරි වළලූ හි ර`ග පෑවේ මවකගේ චරිතයකි. රැුජින ටිකෙන් ටික වැඩෙන ගැහැනියකගේ චරිතයකි. සමනල සංධ්වනිය චිත‍්‍රපටියේ ඇය තලතුනා ගැහැනියක බවට පත් වුවාය. මෑතදි නිමාව දුටු තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයේ ඇය ර`ග පෑවේ තරුණ දියණියකගේ මවක් ලෙසිනි. මෙය ඇගේ ප‍්‍රතිරූපයට හානියක් නොවන්නේදැයි මම විමසීමි.

‘‘ඇයි එහෙම හිතන්නෙ..? රංගන ශිල්පිනියක් මම මේ වගේ චරිත විතරයි ර`ග පාන්නෙ කියලා රාමුවකට කොටු වෙන්න හො`ද නෑ.. මම වෘත්තීය නිළියක්.. එතකොට මම අවධානය යොමු කරන්න ඕන චරිතයේ වයසට නෙමෙයි, මේ චරිතය ඇතුළෙ මට කරන්න පුළුවන් මොනවද කියන එකටයි.. එතෙන්දි ප‍්‍රතිරූපයට හානියක් වෙනවා කියලා හිතනවා නම් ඒක බොළ`ද සිතුවිල්ලක් විතරයි.. මගෙ වයස චරිතයටවත්, චරිතයේ වයස මටවත් අදාළ කර ගන්නෙ නෑ.. හැම නිර්මාණයකින්ම මම අලූත් දෙයක් ඉගෙන ගන්නවා.. තවමත් මම උපරිමයෙන් ඉගෙනගෙන නෑ..’’

ඇය කියන්නේ නිහතමානීවය.

 

2018-04-11-ent-183

 

යශෝධා විමලධර්ම යනු කාර්යබහුල කාන්තාවකි. එහෙත් පවුලට, සමාජයට, වෘත්තිය ක්ෂේත‍්‍රයට ඇගෙන් ඉටු විය යුතු වගකීම්, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නීය.

‘‘අනේ ඕවට වෙලාවක් නෑ..’’ කියමින් මැසිවිලි න`ගන හැම දෙනාටම ඇගෙන් ඉගෙන ගත හැකි පාඩම කාලය කළමනාකරණය කරන ආකාරය නොවන්නේ ද..?

‘‘කාලය කළමනාකරණය පුංචි කාලෙ ඉ`දලම දරුවන්ට පාඩමක් විදියට උගන්නන්න ඕන දෙයක්.. මගේ අම්මයි තාත්තයි මට ඒ දේ ඉගැන්නුවා.. ඉස්කෝලේ යන කාලෙ මම පාඩම් වැඩ, ගෙදර වැඩ හැම දේම සමබරව කර ගත්තා.. ඒ ක‍්‍රමයම තමයි දිගටම පවත්වාගෙන ආවේ.. ඇත්තටම වැඩ කල් දැමීම තුළින් ජීවිතය අසාර්ථක වෙනවා.. මම කවදාවත් අද කරන්න පුළුවන් දේවල් හෙටට කල් දාන්නෙ නෑ..’’

ඇය කියාගෙන යද්දී මම ඇගේ කතාවට බාධා කළෙමි.

‘‘ඔබ තවමත් අවිවාහකයි.. ඒ විවාහය කල් දැමීම හින්දා නෙමෙයි ද..?’’

‘‘විවාහයක් වෙද්දි කාලය, දීපය, දේශය බලන්න ඕන කියලා මම විශ්වාස කරන්නෙ නෑ.. අහවල් කාලෙ විවාහ වෙන්නම ඕන කියලා නීතියක් කොහෙවත් නෑනෙ.. ඒවා හදාගෙන ඉන්නෙ ආසියාතික රටවල තමයි.. ඇත්තටම විවාහයක් කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ගේ සහ මනෝ භාවයන් ගේ එකතුවක්.. ඒ වගේ දෙන්නෙක් එක වහළක් යට ඉන්නෙ විශ්වාසය, අවබෝධය එක්ක ඇති වන බැ`දීමක් මත.. ඒ බැ`දීම අවබෝධය නැත්නම්, විවාහය කියන හැ`ගීම හිතට දැනෙන්නෙ නැත්නම් ලෝකයට පේන්න විතරක් විවාහයක් පවත්වාගෙන ගිහින් වැඩක් නෑ..’’

ඇය බොහෝ දිග කතාවක් කෙටියෙන් පැවසුවාය.

ඇය සමාජය කියවන්නේ අනෙක් අයගේ ඇස්වලින් නොව ඇගේම ඇස්වලින් පමණක් බැව් මම වටහා ගතිමි. අද හතු පිපෙන්නාක් මෙන් බිහි වන, එකිනෙකට සම්බන්ධ නැති සිද්ධි ඇති, කතාව කුමක්දැයි අනුමාන කරන්නටවත් නොහැකි මෙගා ටෙලි නාට්‍ය ගැන ඇගෙන් විමසන්නට මට සිතුණේත් එම නිසාය.

‘‘මෙගා කියන නමම වැරදියි.. මෙගා කියන්නෙ දැවැන්ත කියන එක.. ඒත් ටෙලි නාට්‍යයක් දැවැන්ත වෙන්න ඕන කොටස් සංඛ්‍යාවෙන් නෙමෙයි, අන්තර්ගතයෙන්.. ඒ වගේම මුල සිට අගට තිර පිටපතක් තියෙන්න ඕන.. තිර පිටපත හරියට ගේක අත්තිවාරම වගේ.. අත්තිවාරම ශක්තිමත් නැත්නම් ගේ කඩා වැටෙන්න තියෙන අවදානම වැඩියි.. අද අවර ගණයේ ටෙලි නාට්‍ය බිහි වෙන්න හේතු වෙලා තියෙන්නෙ මේ අවබෝධය නැතිකම.. සමහර ටෙලි නාට්‍ය ලියවෙන්නෙ දර්ශන තලයෙදි ඒ වෙලාවට ඉන්න නළුනිළියො බලලා කියලා මම අහලා තියෙනවා.. ඉතින් එතකොට කොහොමද තමන්ගෙ චරිතය ගැන අවබෝධයක් ඇති කර ගන්නෙ..? අනිත් චරිත එක්ක සම්බන්ධයක් ගොඩ න`ගා ගන්නෙ..? ’’ ඇය අසන්නීය. සම්මාන පිළිබ`දව ද ඇය තුළ ඇත්තේ වෙනස් අදහසකි.

‘‘සම්මාන ලැබිලා තියෙනවා... ලැබිය යුතු සම්මාන නොලැබිලත් තියෙනවා.. ඒත් සම්මාන මණ්ඩලයක ඉන්නෙ හතරපස් දෙනෙක් විතරයි.. ඒ අයගෙ තීරණය රටේ සමස්ත පේ‍්‍රක්ෂකයගෙම තීරණය කියලා කියන්නෙ කොහොමද..? ම`ගට බැස්සම මිනිස්සු අපි අ`දුනා ගන්නවා නම්, සෙනෙහසින් අපිත් එක්ක කතාබහ කරනවා නම්, අපිව අගය කරනවා නම් ඒක අපේ ඉදිරි ගමනට ලොකු උත්තේජනයක්.. මම නම් සම්මානය කියන්නෙ අන්න ඒ ලැබෙන උත්තේජනයට..’’ යශෝධා කියන්නීය.

 

චන්දි කොඩිකාර

 

2018-04-11-ent-182   2018-04-11-ent-185 2018-04-11-ent-186 2018-04-11-ent-187 2018-04-11-ent-188