'සිහශක්ති' නැවතත් කරළියට



2018-04-11-ent-189  

ආචාර්ය වික්ටර් රත්නායක ශූරීන්ගේ පුතුන්වන ජයන්ත සහ ලෙලූම් යන සහෝදරයන් දෙදෙනා ගැන ආයේ අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නැහැ. පියා මෙන්ම ඔවුන් දෙදෙනාගේ ජීවිතය ගලා යන්නේ ද සංගීතය සමගයි. ජයන්ත සහ ලෙලූම් එලෙසින් තමුන්ට අනන්‍ය වූ සංගීත ගමනක යෙදෙන අතරේ නැවතත් ”සිහ ශක්ති” සමඟ එක්වූ මොහොතකි මේ.

එදා ආනන්ද පෙරේරා ප‍්‍රවීණයාගේ නායකත්වයෙන් බිහිවූ ”සිහ ශක්ති” කණ්ඩායම ලංකාවේ බෙහෙවින්ම ජනපි‍්‍රය වූ සංගීත කණ්ඩායමක් බවට පත්විය. අද ඒ එක්වීම ගැන මෙන්ම ජයන්ත සහ ලෙලූම් අතර වූ සහෝදරත්වයේ බැඳීම ගැන කතා කිරීමට ලෙලූම් සඳැල්ල සමග එක්වූ අයුරුයි මේ.

 

ලෙලූම් මොකක්ද මේ අලූත් වැඬේ? ඒ ගැන මුලින්ම කියමු?2018-04-11-ent-190

මම හැමදාම කටයුතු කළේ නිදහස් ශිල්පියකු ලෙසයි. වාදකයකු ලෙස එකම කණ්ඩායමක් හා බැඳී සිටියේ නැහැ. රෝහණ වීරසිංහ මහත්මා, සුරේෂ් මාලියද්දේ, මහේෂ් දෙනිපිටිය, නාලක සජී, ඒ වගේම ජයන්ත අය්යා ඇතුළු බොහෝ සංගීත අධ්‍යක්ෂවරු සමග එයාලගෙ වැඩ සටහන්වලට නිරන්තරයෙන් දායකවීමට තරම් මට වාසනාව ලැබුණා. එදා අපි සිහශක්ති කණ්ඩායම සමඟ කණ්ඩායමක් ලෙස බැඳී සිටියා. හැබැයි සිහශක්ති කැඩුණා. දැන් නැවතත් සිහ ශක්ති එකතුවීම සිදුවුණා. අද එදා හිටපු අයගෙන් නැත්තෙ අප අතරින් වියෝවූ හේමපාල ගාල්ලගේ අයියා විතරයි.

 

එදා සිහශක්ති කැඩුණෙ ඇයි?

එදා අපි හරි තරුණයි. හිතුවක්කාර තීරණ ගත්තෙ. ඒ අතරින් එදා ගත්ත ඒ හිතුවක්කාර තීරණවලට මුල්වුණේ ඇත්තටම මමයි. ඒ වගකීම මම බාර ගන්නවා. එදා සිහශක්ති කණ්ඩායමට එක්වූ අන්තිම සාමාජිකයා වුණෙත් මම. එදා වගේම අදත් මම හිතන්නෙ තරමක මුරණ්ඩු විදියටයි. හැබැයි අද මම වයසින් මුහුකුරා ගිහින්. කොහොම වුණත් එදා සිහශක්ති කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ලෙස එහි සිටි ප‍්‍රවීණයන් වෙතින් මා උගත් දේ බොහෝමයි.

 

මෙවර සිහශක්ති වෙත නායකත්වය දෙන්නෙ කවුද?

එදා වගේම අදත් අනිවාර්යයෙන්ම ආනන්ද පෙරේරා අයියා තමයි. එදා තරමට අද එයා සෞඛ්‍ය අතින් ශක්ති සම්පන්න නොවුවට, දුවලා පැනලා කරන වැඩ ටික අපි කරනවා. එයා අපට නායකත්වය ලබාදෙනවා.

 

අද සිහශක්තිලාට එදා වගේ ප‍්‍රශ්න එන එකක් නැද්ද?

අද අපි හැමෝම අත්දැකීම් සහ වයස එක්ක මුහුකුරා ගිහින්. ජීවිතේ හැටි එහෙමනෙ. ආනන්ද පෙරේරා, අශෝක පෙරේරා, සංගීත් වික‍්‍රමසිංහ, ජයන්ත රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල්, ධනංජය සෝමසිරි සහ මම අද මේ සිහශක්ති සමග ප‍්‍රධාන වශයෙන් බැඳී සිටිනවා. නමුත් අපි එක්ක ප‍්‍රසංග හැඩය අනුව තවත් ශිල්පීන් එකතුවීම සිදුවේවි.

 

ජයන්ත සහ ලෙලූම් අතර වූ සහෝදරත්වය ගැන කිව්වොත්?

තාත්තා, අම්මා, අක්කලා දෙන්නා හැර මේ ක්ෂේත‍්‍රයේදී මට බොහෝ පාඩම් කියා දුන්නෙ ජයන්ත අයියා. සංගීත දිවියේදී වගේම පුද්ගලික ජීවිතයේදීත් පාඩම් කියා දී තිබෙනවා. සංගීතය ලේ උරුමයෙන් මගේ ජීවිතයට සමීප වුණත් ප‍්‍රායෝගිකව මට බොහෝ දේ පැහැදිලි කර දුන්නෙ අය්යා. එයත් එක්ක පටන් ගත්ත .ඪ-2. අපි දෙදෙනා කියන අපි දෙන්නාගෙ විතරක් දායකත්වය ලැබෙන සංගීත කණ්ඩායම විවාහ මංගල උත්සව සහ තවත් උත්සව සඳහා අදටත් දායකත්වය සපයනවා. පවුල් වශයෙන් ගත්තොත් මාසයකට වරක් හෝ අපි පවුල් දෙක කෑමකට හමුවෙනවා. ඇත්තටම අයියා සහ මා අතර බැඳීම ඉහළයි.

 

ඇයි දෙදෙනාටම දෙරණෙ රියැලිටි එකට එන්න හිතුණේ?

අපට ආරාධනයක් ආවා. අය්යට කතා කරල ද මට කතා කරන්නෙ කියලා මම ඇහුවා. ඒ වගේ මම ප‍්‍රතිපත්ති එක්ක ජීවත් වෙන්න හදන කෙනෙක්. හැබැයි සම්ප‍්‍රදායික ප‍්‍රතිපත්තිවලට වඩා දක්ෂතාවය සහ වටිනාකම ගැන හිතලා තමයි මම ක්ෂේත‍්‍රයේ දී වැඩ කරන්නෙ. එතැන දී මගේ සේවය අදාල වන්නෙ දෙයියන්ට ද?, යකාටද? කියන එක මට අදාලම නැහැ. මෙහිදී අපි දෙන්නා දායක වන්නෙ තවත් කලාකරුවන් පිරිසක් සමඟයි. එතැන දී අපට තියෙන්නෙ කවුරුවත් පරද්දන එක නෙවෙයි. කලාකරුවන් එක්ක ගෙවන ඒ නිමේෂයට අපි හරි ආසයි. විවේකයක් ලැබුණාම අපි බොහෝ දේ කතා බහ කරනවා. ඒක ඇතුළේ මේ වැඩ සටහනට අලූත් හැඩයක් දෙන්න අපි උත්සාහ ගන්නවා.

 

ලෙලූම් කොහොමද පවුල් ජීවිතයෙ තොරතුරු එහෙම?

ඉතාම හොඳයි. බිරිඳ මම දුව සතුටින් ජීවිතය ගෙවනවා. ජීවිතයේ මා විඳින ලොකුම තැන මගේ රැුකියාව සහ පවුල් ජීවිතයයි. රස්සාවට විතරක් එළියට බැහැලා වැඩිපුර කාලය ගෙදර ඉන්න තමයි අද මම කැමැති.

 

සමහර අවස්ථාවල දී ඔබ ප‍්‍රකාශ කරන දේ හිතලාxබලලා නෙවෙයිද කරන්නෙ? නැත්නම් එහෙම ප‍්‍රකාශ කරලා ඒ ගැන පසුව පසු තැවෙනවද?

කොහෙත්ම නැහැ. මම කරන කියන සෑම දෙයක්ම හොඳට හිතලා බලලා කියලා කරන කෙනෙක්. ඒ නිසා මට පසුතැවීම් නැහැ.

 

”ලෙලූම්” කැමැතිම ගීතය නම් කරන්න කිව්වොත්?

එදා වගේම අදත්, අද වගේම හෙටත්, මගේ පි‍්‍රයතම ගීතය වන්නෙ අමරදේව ශූරීන් ගැයූ

පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියැවෙනවා

 

තාත්තා ගැයූ ගී අතරින් කැමැතිම ගීය?

පුණ්‍යසිරි මහවත්ත අංකල්ගෙ රචනයකට තාත්තා ගැයූ අමාදහර දිය ගලා ගලා තාත්තා ගැයූ ගීවලින් මම ආසම ගීතයයි.

 

2018-04-11-ent-191